සූරියවැව නුවන් ජයසේකර –
දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සබරගමු පළාත ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන “බෙලි සනා”ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග කුට්ටිගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නේය.
මෙලෙස අත්අඩංගුවට පත්වීමෙන් පසු ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කෙරුණේ තුංකම,ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඉෂාන් මධුසංඛ නොහොත් චුට්ටා නැමති පුද්ගලයායි.
සැකකරු සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලද පුද්ගලික ඔත්තුවකට අනුව කුට්ටිගල පොලිස් ස්ථනාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් තුංකම ප්‍රදේශයේදි සැකකරු කාර් රථයකින් අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් සැකකරුගේ කාර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ජාවාරමෙන් උපයාගෙන තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක් , ජංගම දුරකතන තුනක් හා කිරුම් උපකරණ කිහිපයක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සබරගමු පළාතේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන “බෙලි සනා” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවත් ඔහු විසින් උඩවලව, කුට්ටිගල, ඇඹිලිපිටිය, පණාමුර,කොලොන්න,සූරියකන්ද ඇතුලු අවට ප්‍රදේශ රැසකටම අයිස් මත් ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයා බවත් අනාවරණය වී තිබේ.
සැකකරු 03 දින සවස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව සැකකරු දින දෙකක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබේ.
ඇඹිලිපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි තුසිත කුමාර , සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත යන නිළධාරීන්ගෙ උපදෙස් පරිදි කුට්ටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.







