ඩයනා ගමගේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ගැන මෙතෙක් නොකළ හෙළිදරව්වකට සැරසෙයි!

RanjithM

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පිළිබඳව මෙතෙක් නොකළ හෙළිදරව්වක් කිරීමට තමන් සූදානමින් සිටින බවත් එයින් රංජිත් මද්දුම බණ්ඩාරගේ සැබෑ ස්වරූපය හඳුනා ගත හැකි වනු ඇති බවත් සමගි ජනබලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ   පවසයි.

සමගි ජනබලවේග මහලේකම්වරයා විසින් ඇය පක්ෂයෙන් මේ වනවිට නෙරපා ඇති බැවින් තවදුරටත් තම පක්ෂයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වීමට සුදුසුකම් නොමැති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට මද්දුම බණ්ඩාර   විසින් දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඇය මෙසේ පවසා ඇත.

එම පුවත්පත ඇයගෙන් මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ සමගි ජනබලවේග මහලේකම්වරයා පිළිබඳව මෙතෙක් හෙළි නොවුණු අනාවරණයක් සිදු කරන බවය. සමගි ජනබලවේගය මහ මැතිවරණයට ඉදිරි පත්වූයේ ඩයනා ගමගේ   නමින් ලියාපදිංචි කළ පක්ෂයෙන් වන අතර ඇයට ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයක් පිරිනැමීමට හේතු වූයේද එහිදී ඇති කර ගත් එඟතාවක් නිසා බව සඳහන් වෙයි.


මෙම පක්ෂය මේ වනවිට ඩයනා ගමගේ   විසින් විකුණා ඇති බවට සඳහන් වුවද එය විකුණා නොමැති බව ඩයනා ගමගේ  සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කියන ආකාරයෙන් තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළහොත් ඉදිරියේ දී ඊට අදාල පියවර ගන්නා බව සඳහන් කරන ඩයනා ගමගේ ම  පවසා ඇත්තේ ඊට පෙර මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පිළිබඳව තමන් අනාවරණයක් කිරීමට සූදානමින් සිටින බවය.

Exit mobile version