ටොන් 18000ක චීන පොහොර නැව්ගත කිරීම් දෙක නවත්වයි

රසායනික පොහොර ගෙන්වීමේ තීරණය අත් හිටුවීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීන්දුවෙන් පසුව චීනයේ සිට මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබූ මෙට්‍රික් ටොන් 18,000ක නැව්ගත කිරීම් දෙකක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොහොර වී වගාව ඇතුළු බෝග සඳහා යොදා ගැනීමේ අරමුණින් ඇණවුම් කර තිබී ඇති අතර ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට සහය ඉදිරි ආනයන සඳහා ණයවර ලිපි විවෘත කිරීම මේ වනවිට අත්හිටුවා ඇත.
කෙසේ වුවද මේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීමට අවශය පියවර ගැනීමට මේ වනවිට සිදුව ඇති අතර ඒ සඳහා යම් කලායක් ගත වන බව විශේෂඥයන් සඳහන් කර ඇත. එසේම ගොවිතැනේදී භාවිත කරන බීජ වර්ග, පස පිළියෙළ කිරීම ආදී සියලු කටයුතු කාබනික පොහොර භාවිතයට ගැලපෙන ආකාරයට සකස් කිරීමට සහ ප්‍රමාණවත් තරම් පොහොර නිෂ්පාදනය සිදු කිරීමට යම් කාලයක් ගත විය හැකි බවට ප්‍රකාශ වී තිබේ. පසුගියදා මෙරටට පොහොර ගෙන්වන සමාගම් කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවී පොහොර ආනයනය පිළිබඳ ව සාකච්ඡා කොට ඇති අතර එහිදී අමාත්‍යවරයා සමාගම් නියෝජිතයන්ට ප්‍රකාශ කොට තිබුණේ කාබනික පොහොර නිෂ්පාදනයට සහ අනයනයට අදාළ පියවර ගන්නා ලෙසය. ඔවුන්ද එහිදි ඊට යම් කාලයක් ගත වන බව ප්‍රකාශ කොට තිබේ. කෙසේ වුවද දැනට රට තුළ පවතින රසායනික පොහොර ප්‍රමාණය ඊළඟ කන්නයේ යෙදවීම් සඳහා ප්‍රමාණවත් විය හැකි බව සඳහන් කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කර තිබුණි.

Exit mobile version