ටිබෙට් නියෝජිත කණ්ඩායමක් කැනේඩියානු පොදු සභාව හමුවට

Tibetan president Penpa Tsering

ටිබෙටයේ සිදුවෙන අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ටිබෙට් නියෝජිත කණ්ඩායමක් විසින් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ කැනේඩියානු පොදු සභාව හමුවේ සාක්ෂි ලබා දුන්හ.

11 වැනි පන්චෙන් ලාමා ගෙධුන් චොයෙක්යි න්යාමාගේ අතුරුදහන් වීමේ සිද්ධිය එහිදී ප්‍රමුඛත්වය ලබා ගත්තේය.

ටිබෙට් භාෂාව හා ආගම ඉන්දියාවෙන් පැමිණි බව ටිබෙට් භාෂාවට එල්ල වන ප්‍රහාරයන් සම්බන්ධයන් අදහස් පළ කරිමන් ටිබෙටයේ පිටුවහල් නායක පෙන්පා ට්සරින් පැවසුවේය. හු ජින්තාවෝ ජනාධිපතිව සිටින විට ද්විභාෂා හඳුන්වා දුන් බවත් ෂී ජින්පින්ග් බලයට පැමිණි පසු එය එක ජාතියක් එක භාෂාවක් හා එක සංස්කෘතියක් ලෙස වෙනස් වූ බවත් පෙන්පා පවසයි. එහෙත් එම ප්‍රතිපත්තිය සමඟින් චීන කොමියුනිස්ට් පක්ෂය සිය අනන්‍යතාවයේ මුලටම පහර දෙන වග ඔහු සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි දන්නවා මේ හැමදේම චීන රජයේ දේශපාලන තීන්දු තීරණ බව. මොකද ඔවුන් දලයි ලාමාතුමන්ගේ යළි ඉපදීම ගැන අවධානයෙන් ඉන්නේ. ඔවුන් දන්නවා දලායි ලාමාතුමන්ගේත් පන්චෙන් ලාමාතුමන්ගෙත් යළි ඉපදීම අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා කියලා. සැක කරන විදියටම චීනය පන්චෙන් ලාමා ගෙන ගියා නම් ඔවුන් එතුමාව ඔවුන්ගේ පාලනයේ තියාගෙන ඉන්නවා.. පෙන්පා වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version