ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නැතිනම් වැඩට එන්න එපා… එක්සත් හෙදි සංගමය නිවේදනය කරයි…

නතාෂා නෙත්මිණි –                                              

රාජකාරිය සඳහා හෙද හෙදියන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වන්නේ නම් රාජකාරිය සඳහා වාර්තා නොකර සිටින්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සිය සාමාජිකත්වයට දැනුම් දුන් බව සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ.

හෙදියන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙස විෂයභාර ඇමතිනිය, සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ට දැනුම් දුන් නමුත් ඔවුන්ගෙන් මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ආනන්ද මිහියෝ පැවසූය‍‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවන් වසංගතයක් පවතින අවස්ථාවකදී  හෙදියන්ට රෝගී සත්කාර සේවාවන් සදහා පැමිණීමට නොහැකි වුවහොත් එය රටතුල බරපතල තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවක් වනු ඇතැයිද උන්වහන්සේ අවදාරණය කළේය.


Exit mobile version