ජෝෂප් ස්ටාලින් බත්තරමුල්ලේ දොස්තරගෙන් ලක්ෂ පනහක් ඉල්ලයි!

පදනම් විරහිත ලෙස නිසි ක්‍රමවේදයකින් තොරව තමන් ඇතුළු ගුරු සංගම් නියෝජිතයන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කරවීම සඳහා ලිපියක් නිකුත් කළ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් තමන් වෙත කරන ලද අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් ඉල්ලා එන්තරවාසියකක් යැවූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. මෙම වන්දිය නොගෙවුවහොත් ඊට අදාළ නෛතික පියවර ගැනීමට තමන් පසුබට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ තමන් ඇතුළු ගුරු සංගම් නායනකයන් අත්අඩංගුවට ගැනීමක් නොකළ බවත් සිදු කළේ බලහත්කාරයෙයන් තමන් අල්ලාගෙන නිරෝධායනය සඳහා නිති විරෝධි ලෙසින් ගෙන යාම බවත් සඳහන් කරන ජෝෂප් ස්ටාලින් මහතා එම ක්‍රියාවලිය සෞඛ්‍ය නීති අනුව සිදු නොවූ බවත් ආණ්ඩුවේ වුවමනාව මත පොලිසිය විසින් බලහත්කාරයෙන් සිදු කරන ලද බවත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ අපිව බලහත්කාරයෙන් අල්ලාගෙන අත්අඩංගුවට අරන් උසාවියට ගෙන යන තෙක් අඩුම තරමින් අත සේදීමටවත් අවස්ථාවක් දුන්නේ නෑ. එතනට කිසිමු පී.එච්.අයි මහත්තයෙක් ආවෙත් නෑ. පොලිසියේ වුවමනාවට බත්තරමුලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිකුත් කළ ලිපියක් තමයි ඒ වෙලාවේ පොලිසිය ගෙනාවේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෙගුලාසි පනවල තියෙන්නේ උද්ඝෝෂණය කරන්න එපා කියල නෙවෙයි. නමුත් මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පොලිසියේ වුවමනාවට ආණ්ඩුවේ වුවමනාවට එහෙම ලිපියක් නිකුත් කරල තියෙනවා. එය වැරදි වැඩක් අපි අපට කළ හානියට වෙනුවෙන් රුපියල් මිලියන 5ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැව්වා.“ යයිද ස්ටාලින් මහතා සඳහන් කළේය.


Exit mobile version