ජාතියේ නාමයෙන් හෙට අරගලයට එකතු වෙන්න… රොෂාන් මහානාම ඉල්ලා සිටී….

හෙට (09) පැවැත්වෙන උද්ඝෝෂණයට ජාති ආගම් භේදයකින් තොරව එක්වන ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක මෙන්ම අන්තර්ජාතික සම්භාවනාවට පත් ක්‍රිකට් තිරක රොෂාන් මහානාම ජාතියෙන් ඉල්ලා සිටී.

ඔහු කියන්නේ 1948න් පසු මුළු මහත් ජාතියම එකමුතු වූ ප්‍රථම ජාතික අරමුණ මෙය බවත් මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඇති අවසාන අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු කියයි.
මගෙ ජීවිතයෙන් තුනෙන් දෙකක් ගෛවිලා… මට අවශ්‍යයයි තරුණයින්ට යහපත් රටක් ඉතිරි කරන්න…
ඔහු තබා ඇති සම්පූර්ණ සටහන පහත දැක්වේ.
රටේ පැවැත්ම සහ අනාගත පරපුර වෙනුවෙන් ජූලි 09 වැනිදාට සැලසුම් කර ඇති උද්ඝෝෂණයට ජාති ආගම් භේදයකින් තොරව එකමුතුව සහභාගී වන ලෙස සියලුම ශ්රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි
.1948 න් පසු මුළු මහත් ජාතියම එකමුතු වූ පළමු ජාතික අරමුණ මෙයයි. මෙය දූෂිත දේශපාලන ක්රමයක් වෙනස් කිරීමට අපට ඇති අවසාන අවස්ථාව විය හැකිය. මම මගේ ජීවිතයෙන් 2/3 ක් ගත කර ඇති අතර තරුණ පරම්පරාවට හොඳ රටක් ඉතිරි කිරීමට මට අවශ්යයි. ඒ නිසා මමත් මෙම විරෝධතාවයට සම්බන්ධ වෙනවා.
විනයගරුකව සහ ප්රචණ්ඩත්වයෙන් තොරව විරෝධතා පවත්වාගෙන යාමට වගබලා ගන්නා ලෙස සියලු දෙනාගෙන් මම නිහතමානීව ඉල්ලා සිටිමි.
වෙනසක් සහ යහපත් අනාගතයක් සඳහා අපි එක් වෙමු!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


-රොෂාන් මහානාම-

Exit mobile version