ජාතික වෙසක් උළෙල නාගදීපයේ පැවැත්වීමේ වෙනසක් නෑ….යාපනය දිසාපති

දිනසේන රතුගමගේ

මෙවර යාපනය නාගදීපයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය ඉතා අඩු බැතිමතුන් පිරිසකගේ හා දැඩි සෞඛ්‍ය නිර්දේශයන් මත පැවැත්වීමට තීරණය කළ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් අද ( 2  ) පැවසීය.

දිසාපතිවරයා පැවසුවේ බුද්ධ සාසන අමාත්‍යංශයේ  ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ  සාකච්ඡාවකදී මේ තීරණය ගත් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැයි 23 සිට 28 දක්වා යාපනයේ නාගදීපයේ  පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවය ඉතාම සාමකාමීව හා චාම්ව පැවැත්වීමටද මෙහිදී තීරණය කළ බවත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු පහසුකම් සැපයීම ප්‍රවාහන කටයුතු වැනි දේ එක් එක් පාර්ශ්වයන්ට මේ සාකච්ඡාවේදී බාරදුන් බවත් යාපනය දිසාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.


Exit mobile version