ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර හොරකම් කළ සුළු සේවකයා කොටු….

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ජාතික රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර දෙකක් සොරකම් කර රෝහල තුළම සඟවා තබාගෙන සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහායකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව රෝහල් පොලිසිය කීවේය.

සැකකරු රෝහලේ හෘද රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යමණ්ඩල සහායකයෙක් බව පොලිසිය පැවසුවේය.

රෝහලේ 43 වාට්ටුවේ තිබූ ඔක්සිජන් සිලින්ඩර දෙකක් නැතිවීම පිළිබඳව සොයා බලද්දී ඇතිවූ සැකයක් මත රෝහල් කාර්යමණ්ඩලය විසින් මේ පිළිබඳව රෝහල් පොලිසියට දැනුම් දීමෙන් පසු මරදාන පොලිසිය දැනුවත් කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව කළ ප්‍රශ්නකිරීම්වලදී රෝහල තුළම සඟවා තිබී ඔක්සිජන් ටැංකි දෙක සොයාගෙන ඇත. මීට පෙරද ඔක්සිජන් ටැංකි නැතිවීම් සම්බන්ධව වාට්ටු භාර හෙදියන් විසින් පැමිණිලි කීපයක් කර තිබුණු බව රෝහල් පොලිසිය සඳහන් කරයි.

පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

Exit mobile version