ජාතික රෝහලට ඔක්සිජන් මත යැපෙන රෝගීන් සඳහා වැඩිපුර ඇඳන් 100ක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 300ක් බවත් පුරෝකථන අනුව තවත් ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් 100ක් වහාම කොවිඩ් රෝගීන් සඳහා වෙන්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බවත් වාර්තා වේ.

මෙම ඇඳන් 100 රෝහලේ වෙනත් ප්‍රතිකාර අංශවලින් ලබා ගැනීමට ඉදිරි දිනවල දී කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ වන විට රෝහලේ සැලසුම්කරන ලද සැත්කම් නතර කර ඇති බැවින් එවැනි රෝගීන් සදහා වෙන්කර තිබෙන ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් මෙසේ කොවිඩ් රෝගීන් සඳහා ලබා ගැනිමට තීරණය වි ඇතැයිද ඔහු පැවසීය.

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 650ක් දෙනා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉදිරි දිනවල දී මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත් අපේක්ෂා කෙරේ.

කොළඹ ජාතික රෝහලෙ දිනකට කොවිඩ් ආසාදිත රෝගීන් 20 – 30 අතර සංඛ්‍යාවක් මිය යන බවද වසංගතය ඉදිරියට මෙසේ දරුණු අන්දමින් පැතිර ගියහොත් දෛනික මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

Exit mobile version