-
මාස තුනක් තිස්සේ නවත්වා තිබූ පරික්ෂණ 20ක් අමාත්‍යාංශ විමසුමකට එන විට එක්වරම ඇරඹිලා…
-
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති සමාගමක් හොර පාරෙන් සති දෙකකට අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබා දීලා….
කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරික්ෂණ 20ක් නතර වී ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පැමිණෙන විට මාස තුනක් පුරා නතර කර තිබූ ජීව රසායනික පරික්ෂණ නැවත ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරන්නේ පරික්ෂණ නතර වී ඇති බවට මාධ්‍ය වාර්තාවන් පළ වීමත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ලබා නොගත් එක්තරා සමාගමක් හොර පාරෙන් සති දෙකකට අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබා දි ඇති බවය.
රසායනාගාරය තුළ ක්‍රියාත්මක වන මාෆියාව මෙයින් හොඳටම පැහැදිලි වන බව ද හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ අත්‍යවශ්‍ය රසායනාගාර පරික්ෂණ 20 ඇතුලුව පරික්ෂණ 40ක් පමණ ඇනහිට ඇතැයිද රවී කුමුදේශ් කියයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් (රසායනාගාර) වෛද්‍ය සුදත් ධර්මරත්න ගෙන් විමසු විට ඔහු සදහන් කළේ රසායනාගර පරික්ෂණයන් 20ක් නතර වී ඇති බවට පළවල වාර්තාවන්ගේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් රසායනාගාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත කිසිදු මාෆියාවක් ක්‍රියාත්මක නොවන බවත්ය
රෝගීන්ගේ සියලුම රසායනාගාර පරික්ෂණ වාර්තාවන් රෝහලෙන් සිදුකර දෙන නමුත් ඇතැම් පරික්ෂණයන් පමණක් විශේෂඥ වෛද්‍යවරයාගේ අනුමැතිය මත පිටතින් ලබාගැනීමට සිදුව ඇති බවය.







