ජවිපෙ එක්ක සන්ධානගතවීම ගැන දයාසිරි ඉදිරිපත් කළේ ශ්‍රීලනිප මතය නොවේ  – ලසන්ත අලගියවන්න…

ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්  අමාත්‍ය දයාසිරි ජයසේකර ඉදිරිපත් කළේ පක්ෂයේ මතය නොව, එතුමාගේ පුද්ගලික මතය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

“ පක්ෂයේ තීන්දු ගන්නේ නායකත්වය, දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරලා. මේ පාර්ශව තුන අතරෙ ජනතා විමුක්ති පෙරමුණ සමග පමණක් නොව,  එවැනි කිසිම දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීම පිළිබද සාකච්ඡාවක් මේ දිනවල පැවැත්වුනේ නෑ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහෝදර දේශපාලන පක්ෂයක්. ඒ දේශපාලන පක්ෂය සමග සන්ධාගතවීම සම්බන්ධව දයාසිරි ජයසේකර මහත්මයා ඉදිරිපත් කළේ එතුමාගෙ මතය. එය පක්ෂයේ මතය නොවෙයි.

Exit mobile version