ජලාශවල ජලමට්ටම සීඝ්‍රයෙන් පහළට… විදුලි අර්බුදය ව්‍යසනයක්වන ලකුණු!

කාසල්රී ජලාශයේ ධාරිතාව වේගයෙන් පහළ බැස ඇති අයුරු....

ජලාශයේ ජල මට්ට්ම උපරිම ධාරිතාවකින් තිබිය දී සිදුවිය යුතු අයුරින් වික්ටෝරියා ජල විදුලි බලාගායේ  විදුලි ටර්බයින් යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කර  ගිගාවොට් පැය 4.5-5.5 ත් අතර විදුලි උත්පාදනයක් සිදුකරන  නමුත් ජලාශයේ ජලම්ට්ම සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇතැයි වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය  පවසයි.

ඔහු කියන්නේ මේවන විට රටේ පවතින විදුලි අර්බුදය හේතුවෙන් කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම සඳහා වික්ටෝරියා බලාගාරය මගින් උපරිම ධාරිතාවයෙන් යුතුව විදුලිය නිෂ්පාදනය කරන බවය.

මීට සමගාමීව ලක්ෂපාන,නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර  යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව බලාගාර භාර ඉංජිනේරුවරු පවසති.

නමුත් වර්ධනයවන   වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වැඩි කාලයක් මේ ආකාරයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් නොපවතින බව ජලාශ භාර විදුලි ඉංජිනේරුවරු කියති.


වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය  පවසන්නේ නොවැම්බර් මස අවසන් සතියේදී ඝණ මීටර් මිලියන 722 ක උපරිම මට්ටමේ තිබු ජලාශයේ  ජල ධාරිතාව මේවන විට ඝණ මීටර් මිලියන 467 ක් දක්වා පහත වැටී තිබෙන බවය.

මාවුස්සාකැලේ ජලාශය අද පෙනුණු හැටි

කැනියොන් විදුලි බලාගාරයට ජලය රැගෙන යන නළ පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරයේ මෙගා වොට් පැය 75ක විදුලි උත්පාදනය දින පහක් තිස්සේ සිදු නොවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මෙම දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ද සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.

කාසල්රි ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 155 ක් වන අතර ඊයේ  (13) වන විට එය අඩි 144.2 දක්වා පහල බැස තිබිණි.

මවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 120 කි. එය ඊයේ  (13) වන විට පැවතියේ අඩි 85.9 අගයකය

කාසල්රි ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 155 ක් වන අතර , ඊයේ  (13) දින උදැසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 144.2 දක්වා පහළ බැස තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 120 ක් වන අතර , (13) දින අලුයම වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 85.9 දක්වා පහල බැස ඇත.  .

 

Exit mobile version