“ජලයට වඩා ලේ ඝනකම්- ලංකාවට උදව් කළේ ඒකයි “ ඉන්දීය විදේශ ඇමති කියයි

Subrahmanyam Jaishankar

රුධිරය, ජලයට වඩා ඝනකම් නිසා ආර්ථි අර්බුදයකට මුහුණ දී දුෂ්කර තත්ත්වයක සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් නැඟී සිටීම සාමාන්‍ය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී ඉන්දියාව ‘අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය’ අනුගමනය කරමින් අවට රටවල් වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිට ඇති බවද ඔහු පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා (17) නවදිල්ලියේ පැවති ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා අනුස්මරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.


ඉන්දියාව සිය ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය යටතේ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සෑම විටම ඉදිරිපත් වී ඇති අතර, නවතම අවස්ථාව ලෙස නවදිල්ලිය මාර්තු 16 වන දින කල්මුණේ දී සලාක බෙදා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“(සංජය) කුලතුංග, ජෙෆ්රි බාවා පදනමේ භාරකරු, සහ මම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගැන කතා කරමින් සිටියදී, මම ඔහුට මතක් කළේ ජලයට වඩා රුධිරය ඝනයි යන කියමනයි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටිමින් අපගේ සම්පත්, හැකියාවන් සහ උත්සාහයන් තුළ අපට කළ හැක්කේ කුමක්දැයි බැලිය යුතුයි.” ජයිශංකර් මහතා උත්සවය අමතමින් පවසා ඇත.

“මට ශ්‍රී ලංකාව ගැන සිතන විට ජෙෆ්රි බාවා මගේ මතකයට නැඟෙන චරිතයක්… ඔහුගේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවේ. මම විශ්වාසයෙන් කියනවා මේ ප්‍රදර්ශනය දෙරට අතර ඉතා සමීප සබඳතාවයක් ප්‍රවර්ධනය කරනවා කියලා..” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බව ඉනදීය මාධ්‍ය  වාර්තා කරයි.

Exit mobile version