ජනාධිපති ගම්මන්පිලට යැවූ එස්.එම්.එස්. එක….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඉන්ධන මිල වැඩිවන තත්ත්වයට කටයුතු කිරීම පිළිබඳව වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙසට රජයේ ප්‍රධානතම පක්ෂ වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණන් බලපෑම් එල්ල වු අමාත්‍ය උදය ගම්මන්පිලට ජනාධිපතිවරයා විසින් ජංගම දුරකථන කෙටි පනිවිඩයක් එවා ඇත.

අද සවස මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම කෙටි පණිවිඩය පිළිබඳව අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළද එහි සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
එයින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බව දැනුම් දී තිබුණු බව කීවත් කවර පියවරක් ගන්නේද යන්න මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ “එම පියවර ඔබට දැන ගත හැකි වේවි. ජනාධිපතිතුමා කිරීමට යන කටයුතු පිළිබඳව ප්‍රකාශ කිරීම මගේ වගකීම නොවේ“ යනුවෙනි.

කෙසේ වුවද ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ගම්මන්පිල එම චෝදනාවෙන් නිදහස් කරන ආකාරයේ මාධ්‍ය නිවේදනයක් ඊට ටික වේලාවකට පසු ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් විය. එයින් දීර්ඝ වශයෙන් කරුණු සඳහන් කොට තිබුණේ ඉන්ධන මිල වැඩිවීමට බලපෑ සාධක සම්බන්ධයෙනි.

එසේම ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ජීවන වියදම් අනුකමිටුව විසින් ගන්නා ලද තීරණයක් බව එහි ආරම්භයේම සඳහන් කරමින් ගම්මන්පිලට පොදු ජන පෙරමුණෙන් එල්ල වන චෝදනාව නිවැරදි කිරීමකට ලක් කොට තිබුණි.

Exit mobile version