ජනාධිපති කොමිෂන් වාර්තාවේ කොටස් දෙමළෙන් නෑ – සුමන්තිරන්ගෙන් දැඩි විරෝධයක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශණය කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාවේ විශාල කොටස් ගණනාවක් එහි දෙමළ පරිවර්තනයේදී මඟ හැරී ඇති බවත් එය දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදු කරන ලද විශාල හානියක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.සුමන්තිරන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දුන් සීඩී පටයේ එහි දෙමළ පරිවර්තනය පවතින බවත් එය සිංහල වාර්තාව සමඟ සංසන්දනය කිරීමේදී එහි දෙවන වෙළුමේ විශාල පිටු ප්‍රමාණයක් මග හැර ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් විමසූ අවස්ථාවේ දී මෙම වාර්තාව තමන් විසින් සකස් කරන ලද්දක් නොවන අතර සියලු පරිවර්තන ජනාධිපති ලේකම්කාර්යාලයෙන් සිදු කළ බවට දැනුම් දුන් බවත් ප්‍රකාශ කළ සුමන්තිරන් මහතා මේ පිළිබඳව පක්ෂ විපක්ෂ කාගේත් අවධානය යොමු කරවන ලෙස ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තදුරටත් අදහස් දැක් වූ සුමන්තිරන් මන්ත්‍රිවරයා “දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශණය කෙරුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බෙදා දීමේදී පාර්ලිමේනතු මන්ත්‍රිවරුන්ගෙන් එහිදී තමන් කැමති භාෂාව අසා තිබුණා. ඒ අනුව මම ඉල්ලුවේ ඉංග්‍රිසි පිටපතක්. නමුත් මට මුද්‍රිත පිටපතක් ලෙස ලැබුණේ සිංහල පිටපතක්. මේ සමඟ ලැබුණු සීඩී පටයේ එහි දෙමළ පරිවර්තනය තිබුණා. මම සිංහල දන්න අයත් සමඟ මෙම දමිළ පරිවර්තනය පරීශීලනය කළා. එහිදී දැන ගන්නට දැක ගන්නට ලැබුණා මෙම දෙමල පරිවර්තනයෙන් විශාල කොටස් ප්‍රමාණයක් ඉවත් කර ඇති බව. මම දැන ගන්න කැමතියි ඇයි එහෙම කළේ කියල. පාර්ලිම්න්තුවෙන් ඇහුවම කිවේ එය කළේ ජනාධිපති කාර්යාලයෙන් කියල. ඒක ඇත්තද? එහෙම නම් දමිළ භාෂාවෙන් කියවන අයට මෙවැනි අසාධාරණයක් කළේ ඇයි කියල මම අහනවා.
දමිළ භාෂාව සේ රටේ රාජ්‍ය භාෂාවක් බවට පත්වුණේ 1987දී. අවුරුදු 35ක් ගතවෙලත් අපිට අදත් මේ භාෂාව ගැන අරගල මේ පාර්ලිමේනතුව තුල කරන්න සිදුව තිබෙනවා. එය කණගාටුදායක බරපතල ත්තවයක්“ යයි පැවසීය.
සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතචාර දැක්වූ කථානායක මහිනද යාපා අබේවර්දන මහතා මේ සම්බන්දයෙන් තමන් සොයා බලා සුදුසු පියවරක් ගන්නා බව ප්‍රකාහඉකළේය.


Exit mobile version