ජනවාරි මුල් දෙසතියේ ගුවන්තොටුපලින් හඳුනාගත් කොවිඩ් ආසාදිත 300න්  130කට ඔමික්‍රෝන්…

ජනවාරි මුල් සති දෙක තුළ  දී රටට ඇතුළු වන සහ පිටවන  ගුවන් මගීන්ගේ ආසාදිතයින් අතරින් සිදුකළ ප්‍රභේද පරික්ෂණ 300න්  130 දෙනෙකු  ඔමික්‍රෝන් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කරයි.

ආසාදිතයින් රටට අතුළු වීමට  පෙර පීසීආර් පරික්ෂණයන්ට ලක්කීරීම සිදු කළ යුතුයැයි සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කරයි.

මේ අනුව ගුවන් මගීන්ගෙන් සියය 6ට පමණ කොවිඩ් ආසාදනය වී තිබිය හැකි බවත් ඉන් සියයට 4කට  වඩා වැඩි ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවටත් අනුමාන කළ හැකි බැවින් මෙම මගීන් රට තුළට ඇතුලුවීමට පෙර නිරෝධායනය  කිරීම අත්‍යවශය වී ඇත‍ැයිද හෙතෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආසාදිතයින් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් හා ගුවන් ගත විමට දින තුනකට කලින්  කොවිඩ් නොමැති බවට වාර්තා රැගෙන පැමිණි අය  බවද සදහන් වේ.

Exit mobile version