ජනපති පොලිසිය භාර ඇමති සහ පොලිස්පති කැඳවයි

පොලිසිය ගොඩගන්න කළ යුතු දේ කියයි

පොලිසිය සම්බන්ධයෙන් කඩිනමින් සිදුවිය යුතු ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවී ඇත.

එහිදී මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පත් වූ නව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර සහ පසුගියදා පොලිස් පති ධුරයේ ස්ථිර කරන ලද සී.ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු සහභාගී වී ඇත.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පොලිසියට කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරී කළ හැකි පසුබිමක් නිර්මාණය කරන ලෙස අමාත්‍යවරයාට සහ පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඊට අවශ්‍ය පසුබිම පොලිසිය තුළ නිර්මාණය කරන ලෙසටද පවසා ඇත.


එසේම අපරාධ මර්දනයේ තවදුරටත් කඩිනම් කළ යුතු අංග සහ මත්ද්‍රව්‍ය වැටලීම් නිසියාකාරව සිදු කිරීම සම්බන්ධයෙන් උද්‍යෝගයෙන් යුතුව කටයුතු කිරීමට අදාළ වැඩපිළිවෙළතක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙහිදී පොලිසියේ කීර්තිය කෙලෙසන දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව අති අතර එම නිලධාරීන් හඳුනා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට බදුන්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ඉදිරියේදී පොලිසියට නිලධාරීන් බඳවා ගැනිමේදී පෙර අනුගමනය කළ ආකාරයට ඔවුන්ගේ පැටිකිරිය, පවුල් පසුබිම ආදියද මැනවින් විමසා බලා පොලිස් සේවයට බඳවා ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන්ද අවධානයට ලක් වූ බව ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

Exit mobile version