ජනපති පත්කරන නිලධාරීන් දෙදෙනකු අතට පෙර නොවූ විරූ අසීමිත බලයක්  යන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්!  පනත ජනපතිගෙන්…

රාජ්‍ය මුදල් හැසිරවීම සඳහා අසීමිත බලයක් සහිත ද්විපුද්ගල සාමාජිකත්වයක් සහිත, පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම බලවත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයකට යටත් නොවන බවත්, ඕනෑම අවස්ථාවක ඕනෑම රාජ්‍ය ආයතනයකින් හා එහි සේවකයන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ බලය ඇති බවත්, ඊට අමතරව එම කාර්යාලයට අදාළ අරමුදල් රැස් කිරීම සඳහා ක්‍රියා කළ හැකි බවත් සඳහන් වේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මීට අදාළ පනත් කෙටුම්පත පසුගියදා ඉදිරිපත් කර තිබේ.

මහජන මූල්‍ය වගකීම් සම්බන්ධයෙන් ස්වාධීන විශ්ලේෂණයක් සිදු කොට මධ්‍යකාලීන වූ ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ අධ්‍යනය  කිරීමේ වගකීම ද මෙම නව කාර්යාලය පැවරෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තවදුරටත් සඳහන්ව තිබේ.


එම අයවැය කාර්යාලය මඟින් ස්ථාපනය කරන ලද අරමුණ අනුව, ආධාර, ත්‍යාග, ප්‍රධාන හෝ වෙනත් ආකාරවලින් අරමුදල් රැස් කර ගැනීමේ බලය හිමිවන අතර රාජකාරි ඉටු කිරීමේදී කාර්ය මණ්ඩලයට නඩු පැවරීමෙන් සම්පූර්ණ මුක්තිය ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බවත් එම කමිටුව විසින් සිදු කරන රාජකාරි සම්බන්ධයෙන් සද්භාවයෙන් සිදුවෙන යම් අතපසුවීම් සඳහා වගකීමෙන් නිදහස් කිරීමට ද නීතිරීතී සම්පාදනය වී ඇති බව සඳහන් වේ.

අදාළ බලය සහිත පුද්ගලයින් දෙදෙනා පාර්ලිමේන්තු අයවැය නිළධාරී සහ නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිළධාරී ලෙස නම් කර ඇති අතර ඔවුන් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීමට නියමිතය.

ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ වෙනම කාර්යාලයක් එලෙස පවත්වාගෙන යෑමේ ප්‍රමාණවත් බලතල ලබා දීමට ද එම පනතෙන් යෝජනා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිළධාරීන් දෙදෙනා අවම වශයෙන් වසර 15කවත් රාජ්‍ය අයවැය කළමණාකරණයේ වගකීම් උසුලා, අත්දැකීම් සහිත කීර්තිමත් අවංක නිළධාරීන් විය යුතුය. මෙම අධිබලැති නිළධාරින් දෙදෙනාගේ නිල කාලය වසර පහකට සීමා වෙනු ඇත

Exit mobile version