“ජනපතිකමට ආ පාර ගෝඨාභය 19න් විනාශ කරනවා”

මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයට පත්වීමට සේද මාවත වූයේ 19 වැනි සංශෝධනය බවත් ඔහු අද ඒ මාවත ගල් මුල් පහරදී විනාශ කරන්නට ක්‍රියා කරන බවත් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

මැතිවරණයේ දී ජනතාවගෙන් ජනවරම ඉල්ලා සිටියේ දහනවවැනි දහනව වැනි සංශෝධනයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමට මිස යළි කවදාවත් නිවැරදි කළ නොහැකි අංගවිකල ව්‍යවස්ථාවක් සකස් කරන්නට නොවන බව අවධාරණය කළේය.

නුගේගොඩ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ රාජපක්ෂ මහතා විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පියවර ගැනීම ජනාධිපතිවරයා එය තම ජනාධිපති තනතුර නැමැති ගෙල සිද ගන්නා අසිපතක් බවට පත්වනු ඇතැයි ද පෙන්වා දුන්නේය.


රට සමාජ ආර්ථික අර්බුද රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ කළ යුතු වන්නේ සියලුම මහජන නියෝජිතයන් එකතු කරගනිමින් කොරොනාවලින් රට මුදාගෙන ගොඩනැගීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම බව හෙතෙම සඳහන් කළේය.

රටේ සියලු ප්‍රශ්න අමතක කරමින් විසිවෙනි සංශෝධනයට මුල් තැන දී ක්‍රියා කිරීම තුළින් දැවැන්ත අර්බුදයකට තල්ලු විය හැකි බව විජේදාස මහතා අනතුරු අඟවා සිටියේ ය.

19 වැනි සංශෝධනයේ ප්‍රධානතම ගැටලුව වූයේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම බව පවසන ඒ මහතා පසුගිය රජය සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් පත්ව සිටීම නිසා ඇමතිවරු පත්කිරීම සම්බන්ධව 19 වැඩි සංශෝධනයේ පැවති ප්‍රතිපාදනවලට අනුව ප්‍රශ්න මතු වූ බව සඳහන් කළේය.

අගමැතිවරයාගන් උපදෙස් ලබාගෙන ජනාධිපතිවරයා ඇමති ඇමැති මණ්ඩලය පත් කළ යුතු බව 19 වැනි සංශෝධනය සඳහන් වූවත් විසිවෙනි විසිවෙනි සංශෝධනයෙන් එය වෙනස් කර ජනාධිපතිවරයාට බලය පවරා තිබෙන බවත් සහෝදරයන් දෙදෙනෙක් ජනාධිපති සහ අගමැති ලෙස සිටින අවස්ථාවක එවැනි ගැටුම්කාරී ඇති නොවන බව ද සිහිපත් කළේය.

යෝජිත විසිවන සංශෝධනය මගින් වැඩිපුර බලතල අඩු වන්නේ අගමැතිවරයාගේ බවද හෙතෙම සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වාර ගණන 18 වැනි සංශෝධනය මගින් සීමා කර තිබුණද 19 වැනි සංශෝධනයෙන් එය යළි දෙවතාවක් බවට පත් කළ බවත් එසේ නොකළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට අවස්ථාව ද නොලැබෙන බවත් විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version