ඡන්ද වැඩට පළාත්පාලන ආයතන වාහන යොදාගැනීම තහනම්

මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක්

ඉදිරි මහ මැතිවරණයේ දේශපාලන ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපල භාවිතයෙන් මුළුමනින්ම තහනම් වුවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන, එම ආයතන සතු වාහන හා වෙනත් උපකරණ බඩුබාහිරාදිය සහ කාර්යමණ්ඩල, දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සහ දේශපාලන පක්ෂ අපේක්ෂක රැස්වීම්, ප්‍රචාරක පෝස්ටර්, පා ගමන්, අත්පත්‍රිකා බෙදීම යනාදියට අදාළ නීති උල්ලංඝනය කිරීමෙන් වැළකී සිටීම අත්‍යාවශ්‍ය බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.


Exit mobile version