ඡන්දෙ ඉල්ලන්න තුන්වැනිදා ගෙයින් ගෙට යන්න දෙන්න බෑ

කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ප්‍රචාරණ කටයුතු සීමා කළ යුතුව පැවතීමේ පසුබිමක් මත, එළඹෙන අගෝස්තු මස තුන්වෙනි දා ගෙයින් ගෙට ගොස් අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට අවසරය දෙන ලෙස පක්ෂ ලේකම්වරුන් පසුගියදා මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීම එම කොමිසම මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය 26 වැනිදා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී පක්ෂ ලේකම්වරුන් විසින් මෙම ඉල්ලීම කරනු ලැබ ඇත.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පවතින නීතිමය බාධා, දැනට එල්ල වී ඇති විරෝධතා මෙන්ම මෙම තත්වය පූර්වාදර්ශයක් වීමේ අවදානම ද මැතිවරණ කොමිසම මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ දී සැලකිල්ලට ගෙන ඇත.


අගෝස්තු තුන්වැනිදා පුන්පොහෝ දිනයක් වන බැවින් ආගමික කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් සහ එදින ඡන්දපොළ සැකසීම, මැතිවරණයට අදාල නිලධාරීන් එම කටයුතු සඳහා ගමන් ආරම්භ කිරීම, පොලිස් නිලධාරීන්ට ද එදින කාර්යබහුල වන තත්වයක් තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතුවීම වැනි කරුණු මත පදනම්ව අගෝස්තු මස දෙවැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට ඉඩ ලබානොදීමේ පෙර තීරණය එලෙසම
ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිසම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නීති කඩකරන අයට එරෙහිව ක්‍රියාකරන ලෙස ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා වෙත දන්වා ඇතැයිද මැතිවරණ කොමිසම පවසයි.

Exit mobile version