ඡන්දයට අදාළ සෞඛ්‍ය නිර්ණායක රැකීමේ පූර්ණ බලය පී.එච්.අයි.ට

2020 මහමැතිවරණය ඉලක්ක කරගත් නව සෞඛ්‍ය මඟපෙන්වීම් සහ රෙගුලාසි පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිත ය.

මුව ආවරණ නොපළඳින පුද්ගලයන් දින 14ක කාලයකට නිරෝධායනය සඳහා යැවීම ඇතුළු සෙසු නිර්ණායක අනුව ක්‍රියාකිරීමේ සහ නිති පියවර ගැනීමේ සම්පූර්ණ බලය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබාදිමටද නියමිතය.

මහමැතිවරණයට අදාළව පැවැත්වෙන රැස්වීම්වලට සහභාගී වන පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ලබාගැනීම, එම රැස්වීම් නිසි පිළිවෙත්වලට අනුව පැවැත්වීම ආදිය පිළිබඳව මෙම නිර්නායකවලින් මඟපෙන්වීම් ලබාදී ඇති අතර එම නිර්ණායක මැතිවරණ ආධාරකරුවන් මෙන්ම අපේක්ෂකයන්ටද අදාළ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවැසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිර්ණායක, උපදෙස් සහ මඟපෙන්වීම් කඩකරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීමේ සම්පූර්ණ බලය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැවරීමට ද එම ගැසට් නිවේදනය අනුව බලාපොරොත්තු වේ.

Exit mobile version