දිනසේන රතුගමගේ –
යාපනයේ චෙම්මනී හින්දු සුසාන භූමිය අසල තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා පතරොම් තොගයක් 8 දා උදෑසන සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය හා පතරොම් සොයා ගෙන ඇතත් ඒවා අයිති කා හට දැයි මෙතෙක් තහවුරු වී නොමැත.
යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.