චීන එන්නත ලබන සතියේ සිට… වැඩිම අවදානම් සහිත කලාපවල ජනතාවට මුල් තැන

රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි...

ලබන සතියේ සිටි ලංකාවේ ජනතාවට සයිනොෆාම් එන්නත ලබා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

කොවිඩ් 19 රෝගීන්  ඉහළින්ම වාර්තාවන ග්‍රාමසේවා කොට්ඨාස හඳුනාගෙන එම ස්ථානවලින් මෙම එන්නත ලබා දීම ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිටත් චීන රජය මෙරටට සයිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් ලෙස ලබා දී ඇති බවත්, ඉන් මාත්‍රා 5000ක් පමණක් චීන ජාතිකයන් 2500කට මාත්‍රා දෙක බැගින් දීමෙන් අනතුරුව ඉතිරි එන්නත් සියල්ල සුරැකිව ඇති බවත් ඇමතිවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ඔවුන් කිසිවෙකුගෙන් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නෑ. එන්නතේ ආරක්ෂාව පිළිබඳ දත්ත විස්තර සියල්ල සලකා බලා තමයි අපි මේ එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන්නට තීන්දු කළේ.“ මහාචාර්ය චන්න ඇමතිවරයා කීවේය.

Exit mobile version