බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් චීන එන්නතට අනුමැතිය ප්‍රමාදවීම ගැන ඖෂධ නියාමන අධිකාරී ලොක්කා විද්වත් මණ්ඩලයෙන් කරුණු විමසයි..

ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිචාර නෑ... ඉන්දුනීසියාවෙ එන්නත් මාත්‍රා දෙකම ගත්ත අයත් මැරෙනවා... විද්වත් කමිටුවේ මත දෙකක්...

by editor
ජූලි 12, 2021
in පුවත්
sinovac
Share on FacebookShare on Twitter

චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් (Sinovac) එන්නත සඳහා අනුමැතිය ලබා දීම සඳහා එම එන්නත් ඇගයීම සිදු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලය ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති රසිත විජේවන්ත සූදානම්වන බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා හිමිව ඇති මෙම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීමේ ප්‍රමාදය ගැන තමන් කණස්සල්ලට පත් වී සිටින බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති එම පුවත්පතට පවසයි.

මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් හය දෙනකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මණ්ඩලය තුළ මත දෙකක් පවතින අතර එයින් පිරිසක් එය අනුමත කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් අනෙක් කණ්ඩායම එය ට අනුමැතිය ලබා දීම ප්‍රමාද කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව එම පුවත් වාර්තාව සඳහන් කරයි.

කෙසේ වුවද ලංකාසරට වාර්තා වන ආකාරයට චීනයේ බියිජිං හි සයිනෝවැක් බයෝටෙක් ආයතනය මඟින් නිපදවනු ලබන මෙම එන්නත දැනට බහුලව සහ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය හමුවේ සාර්ථක ලෙස ක්‍රියා කරන බවට තහවුරු කරන විද්‍යාත්මක දත්ත මෙම කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මෙම ප්‍රමාදයට හේතු වී තිබේ.

එම එන්නත කොවිඩ් සාමාන්‍ය වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබුවද ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ විද්‍යාත්මක දත්ත නොමැතිව එය විශාල මුදල් වැය කොට විශාල තොගයක් ශ්‍රි ලංකාවට ගෙන්වීම ඵලදායී නොවන බව ඔවුන්ගේ මතය වි ඇත.

එසේ ම මේ වනවිට සයිනෝවැක් එන්නත බහුල වශයෙන් ලබා දුන් ඉන්දුනිසියාව සහ තායිලන්තයේ එන්නත් මාත්‍රා දෙක ලැබීමෙන් සති දෙකක් ඉක්ම වූ පුද්ගලයන් පවා වෛරසය හේතුවෙන් මිය යාම අවදානයට ලක්ව ඇති කරුණකි. මෙම රටවල් දෙක දැන් තුන්වැනි මාත්‍රාවක් කෙරෙහිව මේ වනවිට අවධානය යොමු කර ඇත.

සභාපතිවරයා පවසන්නේ මෙම එන්නත පිළිබඳව පසුගියදා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයේ දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවා මෙම එන්නත ලබා දීම සුදුසු බවට ප්‍රකාශ කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් යටතේ මෙම එනන්ත අනුමත කිරීමට පසුබට වන්නේ කවර කාරණාවක් නිසාද යි මේ අනුව තමන් එම කමිටුවෙන් විමසීමට බලාපොරොත්තු වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඩේලි මිරර් පුවත් පතට පවසා ඇත.

RelatedPosts

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩුගන්නාව නගරසභා සභාපතිගේ නැතිවුණු බව කී හොර පාස්පෝට් එක සොයා ගනී

Next Post

හලාවත නගරසභා සභාපති හිරේ වැටෙන්නෙ තමන්ට පදින්න යතුරුපැදිය නොදුන් නිසා හිමිකරුට ගහලා..

Related Posts

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.