චීන්නු සියවස් ගානක සිටි උතුරේ හිටියා… දැන් චීන්නුන්ට විරුද්ධ වෙන්නෙ දේශපාලන වාසියට… අංගජන් රාමනාදන්

Angajan-Ramanathan

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන කටයුතු සදහා නොයෙක් රටවලින් ආධාර උපකාර මෙන්ම ණය මුදල් ලබා ගැනීම ඉතා ඈත අතීතයේ සිටම සිදුවන්නක් නිසා මේ අවස්ථාවේදී චීනයෙන් ආධාර හා ණය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පමණක්  ඇතැම් පිරිස් කලබලයට පත්වීම දේශපාලන වාසි සඳහා අනුගමනය කරණ ප්‍රතිපත්තියක් බව ශ්‍රී.ල.නි.ප. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්  30 දා යාපනයේදී පැවසීය.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වු අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ චීන ජාතිකයින් ශත වර්ෂ ගණනාවකට ඉහතදී පටන් උතුරේත් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වලත් සිටි නමුත් ඒ කාලයේදී කිසිවෙකුත් ඊට විරුද්ධ නොවූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට උතුරේ සංවර්ධන කටයුතු සදහා චීන ජාතිකයින් දායක වන විට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන බවත් දකුණේදී රජයට විරුද්ධ දේශපාලන කණ්ඩායම් විරුද්ධ වීමත් දෙස බලන විට අනිවාර්යෙන්ම මේ තත්ත්වය දේශපාලන වාසි සදහා ජනතාව ඔවුන් වෙත නමා ගැනීම සදහා ගෙන යන ප්‍රයත්නයක් බවද සදහන් කළේය.


Exit mobile version