චීනය බිට්කොයින් ඇතුලු ක්‍රිප්ටෝ මුදල්වලට දොර වසයි !

ඩිජිටල් නම් ඩිජිටල් යුවාන් පමණයි

china crypto

චීනය හදිසියේම බාහිර ඩිජිටල් මුදල්ඒකක (ක්‍රිප්ටෝ මුදල් ඒකකවලට ) තහනමකට ලක් කිරීමත් සමඟ බිට්කොයින් එකක අගය ඩොලර් 30,000 ට වඩා පහත වැටී පසුව ඩොලර් 36,000 දක්වා යථා තත්ත්වයට පත් ව ඇත. බිට්කෙයන් වැනි ජාත්‍යන්තර ක්‍රිප්ටෝ මුදල් ඒකක මෙලෙස අස්ථාවර තත්ත්වයට පත් විමට හේතු වූයේ චිනය තම නිල ඩිජිටල් මුදල් ඒකකය ලෙසින් “ඩිජිටල් යුවාන්“ ප්‍රචලිත කිරීමට තීරණය කිරීමය.

විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ චීනය සිය නිල ජාතික ක්‍රිප්ටෝ මුදල් ඩිජිටල් යුවාන් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු විදේශීය ක්‍රිප්ටෝ මුදල් වර්ජනය කරන බවයි. ඩිජිටල් යුවාන් පසුගිය මාස කිහිපය තුළ වාර්තාගත වර්ධනයක් වාර්තා කර ඇති අතර එය චීනයේ දැවැන්ත වියදම් කිරීමේ හැකියාවෙන් යම් උත්තේජනයට ලක් කර ඇත. විශ්ලේෂකයින් අපේක්ෂා කරන්නේ මෙම ඩිජිටල් යුවාන්වල අගය තවදුරටත් ඉහළ යනු ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන ඩිජිටල් යුවාන් විකිනීමට බලය ඇත්තේ එකම ආයතනයකට පමණි. ඒ චීන රජයට අයත් යුවාන් පේ (Yuan Pay) සමූහයයි. ඩිජිටල් යුවාන් විදේශීය ආයෝජකයින්ට නිකුත් කිරීමට බලපත්‍ර ලබා දී ඇති එකම සමාගම එය වන අතර ඔවුන්ගේම පෙර නොවූ විරූ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත. එය බිට්කොයින් සමාගමට වඩා බොහෝ සෙයින් වැඩි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


Exit mobile version