චීනයෙන් දී ඇති සහතිකය මදි… අයි.එම් එෆ් ණය අනුමැතිය තවත් කල් ඇදෙයි !

ශ්‍රි ලංකාවට චීන ණය ලබා දී ඇති එක් ආයතනයක් වන චීන ආනයන සහ අපනයන බැංකුව (එක්සිම් බැංකුව) සිය ණය සඳහා දෙවසරකට නොගෙවීමේ සහන කාලයක් ලබා දී තිබුණද ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට එය කිසිසේත් ප්‍රමාණවත් නොවනු අතැයි සාකච්ඡාවලට සම්බන්ධ වන මූලාශ්‍ර උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි.

එමෙන්ම රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරන්නේ චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ එකඟතාව ප්‍රකාශ කරන බව පැවසුණද එවැනි එකඟතාවක් පිළිබඳව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ලැබ නැති බවයි.

ශ්‍රි ලංකාවේ නිදහසින් පසු ඉතිහාසයේ දැවැන්තම ආර්ථික පසුබෑමට ලක්ව සිටින පසුබිම තුළ චීනය මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණයට දක්වන එකඟතාව සම්බන්ධයෙන් මෙතෙක් රොයිටර් පුවත් සේවය චීන රජයෙන් සහ ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශයෙන් කරන ලද විමසීම්වලටද කිසිදු ප්‍රතිචාරක් මෙතෙක් දක්වා නැති බබ බව සඳහන් කර තිබේ.

2022 දක්වා ශ්‍රි ලංකාව චීනයෙටන් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඩොර් බිලියන 7.4කට ආසන්න වන අතර එයින් ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීන එක්සිම් බංකුවෙනි. 2022  සංඛ්‍යාලේඛණ  අනුව එය ඩොලර් බිලියන 3.5කි. ඔවුන් මුදල් අමාත්‍යංශයට එවන ලද ලිපියෙන් දක්වා ඇත්තේ ඉදිරි දෙවසර සඳහා ණය වාරිකය සහ පොලිය ගෙවීම අත්හිටුවීම සඳහා සහනයක් ලබා දෙන බවය. එසේ වුවද ණය කප්පාදුකරණයක එම බැංකුව කැමත්ත පළ කර නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද සමස්ත ද්වීපාර්ශ්වික ණය සඳහා ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළක් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල අපේක්ෂා කරන අතර  මෙම පසුබිම තුළ මේ වනවිට ඉන්දියාව සහ වෙනත් ණයකරුවන් ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් මේ වනවිට එකඟතා පළ කර තිබුණද එය ප්‍රමාණවත් නොවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලට සමීප සංවේදී තත්ත්ව හේතුවෙන් නම් හෙළි කිරීමට නොහැකි මූලාශ්‍රයක් රොයිටර් වෙත පවසා ඇත.

 

Exit mobile version