චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගාමිණී ප්‍රියන්ත සමරකෝන් පැහැර ගෙන ගොස් පහර දි මග අත්හැරලා!

චිත්‍රපට, ටෙලි නාට්‍යය නිශ්පාදක, අධ්‍යක්ෂක හා තිර රචකයෙක් වූ එස්.එම්. ගාමිණි ප්‍රියන්ත සමරකෝන් පෙරේදා වැලිමඩ නුවර එළිය මාර්ගයේ දී පැහැරගෙන ගොස් පහර දී මහ මග අත්හැර යෑමේ සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් සිවු දෙනෙක් සහ අපරාධය සඳහා යොදා ගන්නා ලද වාහනය  වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා සවස පා ගමනින් වැලිමඩ කොළඹ පාරේ යමින් සිටි මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයාව වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇත්තේ මූල්‍ය සමාගම්වල බලහත්කාරයෙන් වාහන අත්පත් කරගැනීමේ රැකියාව කරන මැරයින් තිදෙනෙක් සහ හෝටල් සේවකයෙක් විසිනි.

ඌවපරණගම, ලුණු අටලුගම පදිංචිකරුවෙක් වූ මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා මේ වනවිට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. පැහැරගෙන ගොස් පහර දී ඔහුව අත්හැර ගොස් තිබුනේ හපුතලේ මාර්ගය අතරමගය.

මෙම පැහැර ගැනීම කොන්ත්‍රාත්තුවක් මත සිදු වී ඇතැයි පැමිණිල්ලේ කටඋත්තරය අනුව මූලිකව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.


පැහැර ගෙන යන අතර පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා හඳුනන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙම මැරයින් වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවත්, එම පුද්ගලයාත් වැලිමඩ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු තමන් සමග විරසකව සිටින බවත් ඔහු පොලිසියට  පවසා ඇතමෙම පුද්ගලයින් දෙදෙනා කුලී මැරයින්  යොදවා තමන්ව පැහැර ගන්නට ඇති බවත් පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා   පොලිසියට පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version