“චයිනා හාබර්“ දේශපාලන චෞරයින් හැදූ හැටි අනුර පාර්ලිමේන්තුවේ දී කියයි..

Anura-Kumara

චයිනා හාබර් සමාගම මේ රටේ දේශපාලන චෞරයන් නිර්මාණය කිරීමට අසීමිත ලෙස මුදල් විදයම් කළ සමාගමක් බවත්, පාර්ලිමේන්තුවේ විවාද කරමින් අප මේ පාර්ලිමේන්තුවේ බලයෙනුත් ගිලිහී ගිය බලතල සහිත නීති සම්පාදනයකර දෙන්නේ   පවුලක් හා චීන සමාගමක ගනුදෙනුවක් සඳහා බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (20) පාර්ලිමේන්තුවේ දී  පැවසුවේය.

මෙම චයිනා හාබර් සමාගම 2014 දෙසැම්බර් මස 12 දින සිට ඡන්දය පවත්වන ලද දිනට පසු දින වූ 2015..01.07 දින දක්වා පමණක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ තමන්ගේ ජංගම ගිනුමෙන් රුපියල් මිලියන 173ක් මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයාගේ ඡන්ද කටයුතු සඳහා නිදහස් කර තිබුණු බවත් ඔහු පාර්ලිමේන්තුවට කීවේය.

“චයිනා හාබර් සමාගමට තියනවා ස්ටෑන්ඩර්ඩ්  ස්ටෑන්ඩර්ඩ් බැංකුවෙ ජංගම ගිනුමක්. 013359190 දරන ජංගම ගිණුමක් තියනවා. මේ ජංගම ගිනුමෙන්  2014.12.12 දින 981327 දරන චෙක් පතෙන් මිලියන 40ක් ලබා දෙනවා. 2015.01.07 වෙනිදා 981328 දරන චෙක් පතෙන් මිලියන 25ක් එම ගිනුමෙන් නිදහස් කරනවා. 2015.01.02 දා 981333 දරන චෙක් පතෙන් රුපියල් මිලියන 25ක් නිදහස් කරනවා. 2015.01.07 ඡන්දයට පෙර දා 981335 දරන චෙක්පතෙන් මිලියන 25ක් නිදහස් කරනවා. 2014.12.31 දා 981319 දරන චෙක් පතත් 981320 දරන චෙක් පතෙනුත් රුපියල් මිලියන 58ක් නිදහස් කරනවා. “


“කාට ද මේ මුදල් නිදහස් කරන්නේ එදා මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන වැඩ වලට. පාර්ලිමේන්තුවෙ ඉන්න චයිනා හාබර් සමාගම මහින්ද රාජපක්ෂ.

මේ වාර්තාව ඇමරිකානු එක්සත් ජනපදයේ නිවුයෝර්ක් ටයිම්ස් වාර්තා කළා.  මිලියන 7.3ක් චීනය මහින්ද රාජපක්ෂට ලබා දුන් බව ඔවුන් පැවසුවා. ඒ වෙලාවෙ ගරු අග්‍රාමත්‍යවරයා පාර්ලිමේන්තුවටත් රටටත් ප්‍රකාශ කළා නිවුයෝක් ටයිම්ස් එකට විරුද්ධව නඩු දානවා කියලා.“

“මේ චයිනා හාබර් සමාගමට  ආසන්නයේ සී.අයි.සී.ටී සමාගම තිබෙන්නෙ. ඒ සමාගම තමයි චීනයෙ දකුණු කොළඹ වරාය සංවර්ධනය කරන්න ලබා ගත් සමාගම. ඒ සමාගමෙන් එක්කෝටි අනූ හතර ලක්ෂ දස දහසක්   චෙක්පත් අංකය 594191  පුෂ්පා රාජපක්ෂ පදනමට ලබා දුන්නා. කා අරතර ද මේ ගනුදෙණුව තිබෙන්නෙ. හෙක්ටරයා 262කට 99 අවුරුද්දකට හිමිකම් කියන චයිනා හාබර් සමාගමත් එක්ක.

පාර්ලිමේන්තුවෙන් නීතිය සම්මත කරලා දෙන්න හදන සමාගමට.  මේ සමාගම තමයි මේ රටේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් මේ රටේ දේශපාලන චෞරයින් නිර්මාණය කිරීම  සඳහා වියදම් කළේ. ඒ සමාගම මේ රටේ සමහර හාමුදරුවරුන්ටත් වියදම් කළා. මේ අප දන්න දේවල්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙය නිතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මේක යට තිබෙනවා ඉතාම කැත ගනුදෙණු. එක පවුලකට ලබා දුන් වරප්‍රසාදයක් වෙනුවෙන් ඒ සමාගමට අවශ්‍ය විදිහට නීති සම්පාදනය කරලා මේ රටේ අනාගතයටත් බලපාන ලෙස පරාධීන කරන්න ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අත උස්සන්නෙ ඇයි?. මන්ත්‍රීවරයා පැවසුවේය.

 

 

Exit mobile version