චමිල – අචලා හා බිළිඳියගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් නිවස කඩා වැටීමෙන් මිය ගිය හොටල් හිමිකරු බිරිය සහ බිලිඳිය යන තිදෙනාගේ මරණ පරික්ෂණ වාර්තා අද( 21)  මහනුවර අධිකරණ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම්   විසින් අධිකරණය වෙත යොමු කොට තිබිණි.

මරණ පරික්ෂණය අනුව බිලිඳියගේ හිසට සිදුවූ බරපතල හානි මත ඇය මිය ගොස් ඇත. මාස දෙකක් වයසැති බිලිඳිය විසිවී ගොස් යමක ගැටෙන්නට ඇති බව පොලිසිය පවසයි.

හෝටල් හිමිකරු  චමිල ප්‍රසාද් ගේ මරණය සිදුව ඇත්තේ සුෂුම්නාවට හා හිසට සිදුවු බරපතල හානි හේතුවෙන් බවද මරණ පරික්ෂණයේදි හෙළි වී තිබේ. ඔහුගේ බිරිද වන තිස් දෙහැවිරි අචලා ඒකනායක මිය ගොස් ඇත්තේ සිරුර පුරා සිදුව තිබූ බහුවිද තුවාල හේතුවෙන් බවද  මරණ පරික්ෂණයේදි හෙළි වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මළ සිරුරු ඥාතින්ට භාර දි ඇත

Exit mobile version