ගෝල්ෆේස් වෙරළ තීරයට තවත් මළ සිරුරක් ගොඩගසයි!

Death

ගෝල්ෆේස් වෙරළ තීරය වෙත තවත් මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

මෙම සිරුර අද උදේ 8 පමණ වනවිට වෙරළ තීරයට ගොඩගසා ඇති අතර සිරුර 40 හැවිරිදි  පමණ පිරිමි පුද්ගලයෙකුගේ බව පොලිසිය කියයි.

අද අළුය 119 පොලිස් හදිසි ඇමතුම්  අංකයට මුහුදේ සිරුරක් පාවෙමින් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් ඇත.  එහෙත් එම අවස්ථාවේ දී සිරුර යළිත් නොපෙනී ගොස් තිබුණ බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිසිය සිරුර ගැන වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

මීට දින දෙකකට පෙර ගෝල්ෆේස් වෙරළ තීරයට 18 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තරුණයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

Exit mobile version