ගොවියා අමතක කරන්නෙ නෑ… නෑ… නෑ… අවුරුදු 05 වැඩටික 03න් කරනවා… ජනපති කියයි!

මේ වසර පහ  තුළ කිරීමට ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස ලබන අවුරුදු තුන තුළ කරනවා කරනවාමයි කී ජනාධිපතිවරයා තමන් කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ , නෑ, නෑ… යැයි කීවේය.

ජනතාව කළ යුත්තේ විපක්ෂයේ කතාවලට නොරැවටී  තමන් කෙරෙහි විශ්වාසය තැබීම බවත් ජනපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද ( 15) මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර විවෘත කරමින් ඊට සමගාමීව කුරුණෑගල පැවති ජන රැළිය අමතමිනි.


ජනපතිවරයා මෙසේ ද පැවසුවේය.

“ජොන්ස්ටන් ඇමතිතුමා වැනි ඇමතිකෙනක් අපට ඉන්නකොට එතුමාගෙ කතාව ඇහුවම අපට ඇඟට ලේ උනනවා. අපි පොරොන්දු වෙනවා. මම  අවුරුදු 05 තුළ කරනවා කියා පොරොන්දු වුණු ඒ සියලුම වැඩ… ඒ  සියල්ලම….   ලබන අවුරුදු 03 තුළ කරනවා කරනවාමයි කියන එක මම තමුන්නාසේලාට පොරොන්දු වෙනවා. “

“අපි ජනතාවට පෙරොන්දු වුනු වැඩ කොටස මේ අවුරුදු තුන තුළ එක්වෙලා කරමුයි කියන එක මම තමුන්නාසේලාගෙන් ඉල්ලා සිටිනවා.“

“හැබැයි මාත් එක්ක එකතුවෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුලුවන්. අපි පසුබට වන්නෙ නෑ හාමුදුරුවනේ. “

මාධ්‍ය සංවර්ධනයේ පාර්ශවකරුවෙක් වෙන්න  …

“අද මම ඔය මාධ්‍යවලට කියනවා අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. කවුරුවත් අතර තරගයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ රට හදන්න. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. “

“එහෙමනම් මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ සංවර්ධනයේ පාර්ශවකරුවෙක් වෙන්න. ඒක තමයි අවශ්‍යය. විවේචනය කරලා ජනතාව අධෛර්යවත් කරන්න එපා. ධනවාදී විදිහට හිතන්න. “

වී මිලට ගැනීමේ වැඩ විපක්ෂයේ උද්ඝෝෂණ නිසා නැතිවුණා

“මම අද අදේ සිරිපාල ගම්ලත් රාජ්‍ය ඇමතිතුමාගෙන් අහුවා දැන් ඔබතුමාලා වී ගන්නව ද කියලා. කීය ගානෙද ගන්නෙ කියලා. එතුමා කිව්වා තෙත් වී ගන්නෙ අසූවට.  වියලි වී ගන්නෙ අනූවට කියලා.“

“එදා ගොවියට රුපියල් විසිපහට විකුණා ගන්න බැරිවුනා වී කිලෝ එක. ඒක තමුන්නාසෙලා දන්නවා. අද රුපියල් 90ට විකුණනවා. “

“මම කෘෂිකර්ම ඇමතිතුමාට කිව්වා අනූවට ඒගොල්ල ගන්නවා නම් අපි 95ට ගන්න. ඒ මුදල් යන්නෙ ගොවියට. ඒකට කමක් නෑ. අවාසනාවට විපක්ෂය විවිධ ගොවි මහත්වරුන් ලවා උද්ඝෝෂණ කෙරෙව්වා. හැබැයි පොහොර නොමිලේ දුන්නේ කවුද?. සහතික මිල රුපියල් පනහ දක්වා ගෙනාවේ කවුද?. “

ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුණු ජනාධිපතිවරයෙක්….

“මම රසායනික පොහොර නවත්වන්න කිව්වේ මා දන්නවා අමාරු කාරණයක්. ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිව විශ්වාස කරන්න. ආරම්භයේ දී යම් කිසි ප්‍රමාද දෝෂ තියෙන්න තිබුණා. අපි ඒව ඉදිරියට සකස් කරගෙන යනවා. රැවටෙන්නට එපා. මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුණු ජනාධිපතිවරයෙක්.  ඒකයි අපි පොහොර නිකම් දුන්නේ. “

“අපි ගොවියව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. අපි පුද්ගලිකවම ගොවිතැනින් බිහිවුණු පුද්ගලයො. අපේ අම්මලා තාත්තලා වගා කරපු මිනිස්සු. මගෙ තාත්තා පාර්ලිමේන්තුවට ආවෙ කුඹුරෙ ඉඳලා මඩ හෝදාගෙනය කියලා එදා ජනතාව අතර ප්‍රචලිත වෙලා තියනවා.“

“අපි කවදාවත් ගොවියා අමත කරන්නෙ නෑ… නෑ… නෑ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි පොරොන්දු වුණු ඒ වැඩසටහන වගා සංග්‍රාමයක් වහාම ආරම්භ කරනවා . මා කෙරෙහි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ රජය කෙරෙහි විශ්වාසය තබන්න..“

Exit mobile version