ගොනාකෝවිලේ අංජුගේ මල්ලි කෙනෙක් අතුරුගිරියේදී අත්අඩංගුවට

arrested

එක්සත් එමීර් රාජ්‍යෙය් සැගවී සිටිමින් මෙරට මත්කුඩු ජාලය සහ පාතාලය මෙහෙයවමින් සිටින ගොනාකෝවිලේ අංජු නැමැති අපරාධකරුගේ බාප්පගේ පුතාව අතුරුගිරිය පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සැගවුණු ජීවිතයක් ගත කල එම සැකකරු 27 වැනි වියේ පසුවන චාමර සදරුවන් නැමැති අයෙකි. පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නා විටි 23 හැවරදි සුරූපී බිරිදද එහි සිට ඇත. ඇයවත් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අංජුගේ මත්කඩු ජාලයේ මුදල් රැස්කර අංජුගේ ගෝලයින් මොහුට ලබාදීමෙන් පසු මොහු එම මුදල් අංජු සදහන් කරන බැංකු ගිණුම්වලට බැර කරන බව විමර්ශන වලින් හෙළිවී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 14 ක්ද සොයාගෙන ඇත.


Exit mobile version