ගෙදරට වී ඉන්න… අදට අවශ්‍ය තෙල් ටික මිලදී ගන්නවත් රටට සල්ලි නෑ… බලශක්ති ඇමති කියයි…

Udaya-Gammanpila


රට ඇත්තේ බිහිසුණු අර්බුදයක බවත් අදට අවශ්‍ය තෙල් ටික මිලදී ගැනීම සඳහා හෝ රටට මුදල් නැති බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පැවසීය. තෙල්මිල ඉහළ යෑමට හේතුව වී ඇත්තේත් තෙල් ගන්නට ඩොල්ර් නැතිවීම බව ඇමතිවරයා කීවේය.

අදටත් අප තෙල් ලබා ගන්නේ ණයට බවත් අද ලබාගන්නා තෙල්වල මිල ගෙවන්නේ මාස 06කින් හෝ 09කින් බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තෙල් සංස්ථාවට මුදල් නැති නම් මහා භාණ්ඩාගරයෙන් මුදල් ඉල්ලා ගත හැකි නමුත් ගැටලුව ඇත්තේ මහා භාණ්ඩාගාරයේත් මුදල් නොමැති වීම බව ඇමතිවරයා කීවේය.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ අද වන විට මෙරට රුපියල් දී මිළට ගැනීමට වෙළඳපලේ ඩොලර් නැති වීම බව පැවසූ ඔහු මීට වඩා බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවල මෙවන් අර්බුදයක් ඇති නොවූ බවද පෙන්වා දුන්නේය.

විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා හැකිතාත් ඉන්භාධන විතය අවම කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

Exit mobile version