අනතුරුදායක ලෙස ගෘහස්ථ ගෑස්වල ප්‍රමිතිය  වෙනස්  කළ හැටි ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ හෙළි කරති…

ප්‍රමිතියේ වෙනස් කිරීම ගැන ගෑස් සමාගම් වචනයක් කියන්නෙ නෑ... විනාශය හංගනවා..

සිරිල් සුදුවැල්ල

ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක අන්තර්ගත ආරක්ෂිත සංයුතිය සේ සැලකෙන, ගෑස් සිලින්ඩරයේ සටහන් කර ඇති  ප්‍රොපෙන්  20ට බියුටේන් 80   සංයුතිය නිසැක ලෙස වෙනස් කර ඇති බව  සපුගස්කන්ද පිරිපහදුවේ සහ සෟදි ආරබියේ සමනෙල් පිරිපහදුව,  ඉතාලියේ ලිවනෝර් පිරිපහදුවේ හිටපු රසයනාගාර ප්‍රධානී, ඛණිජතෙල් විෂය පිළිබඳ උපදේශකයෙක් සහ රසායනාගාර සංගමයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සිරිල් සුදුවැල්ල අද අන්තර්ජාල යූ ටියුබ් චැනලයක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් හෙළි කළේය.

මේ සංයුතිය වෙනස් වීම සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ හිටපු විධාය අධ්‍යක්ෂ තුෂාන්  ගුණවර්ධන විසින්  ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සාම්පල තුනක්  ඉන්ටර්ටෙක් පරීක්ෂණාගාරයෙන්  පරීක්ෂා කර ජාත්‍යාන්තරව පිළිගත් වාර්තාවක් ලෙස ප්‍රොෆේන් සහ බියුටේන් සංයුතිය 50- 50 ලෙස වෙනස් කර ඇති බව ප්‍රකාශ වීමත් සමග ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙස තමන් විසින් ද ලංකා තාක්ෂණික ආයතනයේ  ලිහිසිතෙල් රසායනාගාරයේ දී ගෘහස්ථ ගෑස් සාම්පලයක් පරීක්ෂා කළ බවත් එහිදී    සංයුතිය වෙනස් වී ඇති ආකාරය   තහවුරු වූ බවත් පැවසුවේය.

“ ගෑස් සිලින්ඩරයට සහ එහි පීඩන සඳහා  ප්‍රමිතියක් තිබුණට එල්.පී ගෑස් අන්තර්ගතයට  ප්‍රමිතියක් ප්‍රමිති කාර්යාංශය නිකුත් කරලා නෑ. නමුත් සපුගස්කන්දෙදි අපි ඒ සඳහා ප්‍රමිතියක් පවත්වාගෙන යනවා.    තෙල් පිරිපහදුවෙදි අපි ගෑස් සංයුතිය තියෙන්නෙ ප්‍රොෆේන් 30යි. බියුටේන් 70යි. එහෙම තියන්නෙ මේ අපේ කලාපීය උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යයනය කරලා. මොකද ප්‍රොෆේන කියන්නෙ ඉතාම ඉක්මනින් වාශ්පවන වායුවක් නිසා“


“එයා ප්‍රෙෂර් ස්ටෑන්ඩඩ් එක කියන්නෙ  සිලින්ඩරයේ කොටසක් දියරය. කොටසක් වායුව.   බියුටේන් තියනවාට වඩා ප්‍රොෆේන් තියනකොට ගෑස් ප්‍රෙෂර් එක   වැඩියි.  ප්‍රොෆේන් වායුව ලාභදායීයි. ඒ වගේම ප්‍රොෆේන් පුරවන්න වැඩි පීඩනයක් ලබා දිය යුතුයි. “

“මේ පීඩනය සමහරවිට වෑල් එකට රබර් සීල්වලට දරා ගන්න බැරි වෙන්න පුලුවන්. ගෑස් කාන්දුවක් වීමේ සම්භාවිතාව ප්‍රොෆේන් වැඩි සංයුතියක් සහිත සිලින්ඩරයක දී වැඩියි.  මේ ගෑස් සංයුතිය සම්බන්ධව නැවට පටවන ගෑස් සාම්පලයක් හා නැවෙන් බාන ගෑස් සාම්පලයක් පරීක්ෂා කරලා තීන්දු කරන්න පුලුවන්.“

“ඒ පහසුකම් අපේ රසායනාගාරවල තියනවා.“  ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Exit mobile version