ගුරු-විදුහල්පතිවරු හෙට සිට පාසල් එන්න බෑ කියති

හෙට (02) සිට පාසල්වලට කැඳවමින් චක්‍රලේඛයක් නිකුත් කළ ද දැනට සිදුකෙරෙන වර්ජන ක්‍රියාමාර්ග යටතේ ගුරු-විදුහල්පතිවරු පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බවඑ එම සංගම් විසින් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා හෙට (02) සාමාන්‍ය පරිදි ඇරඹීමේ ක්‍රියාමාර්ගය යටතේ ගුරු විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේ්ත්‍රයේ සියලුම කාර්ය මණ්ඩල කැඳවමින් අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට බල කරමින් ඔවුන් සිසුන්ට මාර්ගගත ඉගැන්වීම්වලින් හා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම, උසස් පෙළ විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළු සියලු කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරු-විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්වරයාට සිය තීරණය දන්වමින් යැවූ ලිපිය පහත දැක්වේ.

Exit mobile version