ගුරු විද්‍යා පීඨ සියල්ල විශ්ව විද්‍යාල පීඨ කරන්න ඩලස්ගෙන් යෝජනා

ගුරු සුදුසුකම් විෂමතාවය තුරන් කිරීමේ එක් විසඳුමක් ලෙස ගුරු විද්‍යාල 19 විශ්වවිද්‍යාල පීඨ පත් බවට පත්කිරීමට ලබන අයවැයෙන් පියවර ගන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෑම ගුරුවරයෙක්ම උපාධිධාරී පුහුණු වෘත්තිකයෙක් බවට පත්කිරීම රජයේ වගකීමක් බව අද අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියේය.

“වසංගතයෙයන් දරුණුම බලපෑම වුණේ දරුවන්ට. වසර විසි හතරක් තිස්සේ පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය උග්‍ර මතට හැරුනේ දරුවන් ඉතාම අසීරු තත්ත්වයට පත්වෙලා ඉද්දි. මා පත් වී මාස නමයක් වැනි පුංචි කාලයක් පමණක් වුණත් මෙරට අධ්‍යාපන ඇමති විදියට මේ ප්‍රශ්නය හඳුනා ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්න බිලියන 30ක වෙන් කරමින් ඒ දුෂ්කර අවස්ථාවක ගත් පියවර පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමා මුදල් ඇමතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට අවංකවම ස්තූති කරනවා. ගුරු සේවයට හිමි වෘත්තීය ගරුත්වය ලබා දීමත් අපේ වගකීමක්. රජයක් විදියට වගේම රටක් විදියට අපි තරයේ සිතට ගත යුතුයි මෙවැනි තත්ත්වයක් යළි කිසිදා යළි කිසිදා රටට අත් නොවන්නට මෙවැනි තත්වයක් තවත් වසර පහකින් දහයකින් හෝ විස්සකින් පැනනොනගින්න එයට ස්ථිරසාර විසඳුමක් අපි ඉදිරිපත් කළ යුතුයි.


ගුණාත්මකභාවයෙන් යුතු තෘප්තිමත් ගුරු සේවයක් රටේ දරුවන් වෙනුවෙන් ඇති කිරීම පාලකයන් වශයෙන් අපි හැම දෙනාගේම වගකීමක් ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට ඒ වගකීමෙන් බැහැර වෙන්න අපි කාටවත් බෑ. පාසලක ගේට්ටුව වැහෙනවා කියලා කියන්නේ දරුවන්ට පාසල් භූමියට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව ඇතුළුව නැති වීම පමණක් නොවේ. සංස්කෘතියක දොරටු වැසීමක් ශිෂ්ටාචාරයක දොරටුව වැසීමක්. ඒ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට ඒ පිළිබඳව නිසි ලෙස අධ්‍යයනය කළ යුතුයි . ඒ වගේම දියුණු රටවල දර්ශකයක් විදියට භාවිත කරන ගුණාත්මක ගුරු සේවය අපේ රටටත් ළඟා කර ගැනීමට ඉදිරි පියවර සැළසිය යුතුමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරුවරයා උපාධිධාරී පුහුණු වෘත්තිකයෙක් කරන එක අප දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක්. එම නිසා මෙම ගුරු සුදුසුකම් විෂමතාවය තුරන් කිරීමේ එක් විසඳුමක් ලෙස ගුරු විද්‍යාල පීඨ 19 විශ්වවිද්‍යාල පීඨ පත් බවට පත්කරන්නට ඊළඟ අයවැය දී ගරු මුදල් අය තුමාගේ ඇමතු මාගේ අවධානය යොමු වෙන බව මට විශ්වාසයි. එය අපේ පාර්ලිමේන්තුව හැම දෙනාගෙම දෙනාගේම වගකීම බව මම සිහිපත් කරන්නට ඕන. 2027 වන විට අපේ රටේ වර්තමාන පද්ධතිය තුල සිටින ගුරුවරුන් මෙන්ම බාහිරින් එන ගුරුවරුන් සියලුම දෙනා පුහුණු උපාධිධාරී ගුරුවරුන් බවට පත් කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි කියලා අපේ ජාතියේ දරුවන්ට කරන්න පුළුවන් ඉහළම ඉහළම සාධාරණයක් අතරින් එක සාධාරණයක්. ගුරු සේවයට නිසි වැටුපක් ගුණාත්මක භාවයක් හිමිවිය යුතුයි. ඒකට සියලුම පාර්ශවයන්ට එකඟ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. රටේ පාසල් දරුවන් මිලියන හතරකට වැඩි වුවත් ඉන්ටර්නෙට් පහසුකම් තියෙන්නේ දරුවන් මිලියන 1.7කට පමණයි. අපට රටක් විදියට ස්ටාර් ලින්ක් වගේ satellite internet සේවාව ලබාගෙන රට ම ආවරණය කර ගැනීමේ හැකියාව නෑ මේ මොහොතේ. නමුත් මේ අය වැයෙන් වැයෙන් මුළු වරට එම බිම් ප්‍රදේශ ආවරණය වන පරිදි ඉන්ටර්නෙට් පහසුකම් සැලසීමට සම්ප්‍රේෂණ කුළුණු 998ක් ඉදි කිරීමට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඊට අමතරව සෑම පාසලකටම broadband connection එකක් ලබා දෙන්නට තීරණය කර තිබෙනවා. එය අගය කළ යුතු කාරණයක් ඒ වගේම ඒක හොඳ ආරම්භයක්. මේ වසන්ගත කළු වළාකුල තුළ ඇති වූ එකම රිදීරේඛාව විදියට මගේ විග්‍රහය ඒකයි.”

Exit mobile version