“ගුරු වැටුප් අරගලය දඩමීමා කර වැටුප් ප්‍රතිපත්තිය පෞද්ගලික බූදලයක් කරගන්න ඉඩදෙන්න බෑ”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියයි

ගුරු වැටුප් අරගලය දඩමීමා කර ගනිමින්, රටේ වැටුප් ප්‍රතිපත්තිය කාගේ හෝ පෞද්ගලික බූදලයක් වීමට ඉඩ හැරිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රජ්‍ය පරිපාළන චක්‍රලේඛ 6/2006 තුල ඇති සාම්ප්‍රදායික හා වැඩවසම් ප්‍රතිපත්තිය මගින් අධ්‍යාපන සුදුසුකම් රාමුවට අනූව ගුරුවරුන්ට වැටුප් නොලැබීම මෙන්ම, කාර්‍යක්ෂම ගුරුවරයෙකුට හෝ විදුහල්පති වරයෙකුට උපයාගත් සුදුසුකම් හරහා අධ්‍යාපන පරිපාළණයට ඇතුලුවෙමින්, තෘප්තිකර සේවාක් සැපයීමට ඇති හැකියාව වලක්වා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ගුරු විදුහල්පති අර්බුධයේ ඇත්ත ගැටළුව එය වන අතර, රාජ්‍ය සේවාව අකාර්යක්ෂම සේවාවක් බවට පත් කල සහ කාර්‍යක්ෂම රාජ්‍ය නිලධාරීන් අධෛර්යට පත් කරමින්, රාජ්‍ය සේවාවේ මැද මට්ටමේ වෘත්තීමය සේවාවන් රැසකට එරෙහිව ඇති සැබෑ ගැටළුවද එය බව හෙතෙම කියාසිටී.


නමුත්, වැටුප් කොමිසමේ සහ වැටුප් ප්‍රතිපත්තිය හදන ඇතැම් නිළධාරීන් තමන් නියෝජනය කරන ගොණුවට අදාලව එම ප්‍රතිපත්තියේ ඇති වාසි සහගත තත්වය හේතුවෙන්, එම ප්‍රතිපත්තිය දිවිහිමියෙන් ආරක්ෂා කීරීමට පත්වන රජයන්ට උපදෙස් දෙමින් සිටින බව ද ඔහු කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2006 වර්ෂයේදී නිර්මාණය කල එම වැටුප් ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යමින් 1:12 වැටුප් අනුපාතයක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජනා කරමින් සිටින්නේද, රට තුල වැටුප් ගැටලුව විසදීමට හෝ ගුරු අරගලය නිමා කිරීමට නොව, ජනාධිපතිවරයා හෝ රජය ඒ පිළිබදව විවෘත විමසීමක් සිදු කිරීම සැලසුම්සහගතව වැලැක්වීම උදෙසා බව ද සභාපති රවී කුමුදේශ් මහතා කීය.

Exit mobile version