ගිනි ගත් නැව වරාය දෙකකින් නොගත් නිසා කොළඹට ඇවිත්

Chairman of X press feeders says to a maritime web

xpress pearl

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න අරාබි මුහුදේ දී ආරම්භ වූ බවත් මෙම නැව කටාර් හි වරායකින් සහ ඉන්දියාවේ වරායකින් රැකවරණය ඉල්ලුවද ඒවා ප්‍රතික්ෂේප කළ තැන කොළඹට සේන්දු වූ බවත් එම නැව අයිති සිංගප්පූරු සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත.

නැව අයත් සිංගප්පූරු සමාගම එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ සභාපති ටිම් හාට්නොල් නාවික සේවා ව්‍යාපාර පිළිබඳ වෙබ් අඩවියක් වන splash247.com වෙත සඳහන් කර ඇත්තේ කටාර්හි හමාඩ් නම් වරායටත් ඉන්දියාවේ හසීරා නම් වරායටත් රැකවරණ සඳහා ඇතුළු වීමට කපිතාන්වරයා අවස්ථාව ඉල්ලුවද ඔවුන් මෙම නැවේ පවතින රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රතික්ෂේප කර ඇති බවය.නැව් සමාගම් සභාපතිවරයා මෙම වෙබ් අඩවියට තවදුරටත් මෙසේ පවසා ඇත.

“නැවේ නයිට්‍රක් අම්ල ගබඩා කර තිබුණු අතර ඒවා ඉතා දුර්වල ලෙස ගබඩා කිරීම හේතුවෙන් කාන්දු වී තිබුණා. මේ අනතුර නැවේ කාර්ය මණ්ඩලය හඳුනා ගත්තේ ශ්‍රි ලංකාවට කිලෝ මීටර දහස් ගණනක් ඈත අරාබි මුහුදේදී. එසේ හඳුනා ගැනීමත් සමඟ නැවේ කපිතාන්වරයා කටාර් හමාඩ් වරායට සහ ඊළඟට ඉන්දියාවේ හෂිරා වරායට මේ කාන්දු වන අම්ල බහාලුම් ගොඩ බාන්නට අවසර ඉල්ලා තිබෙනවා. චීනයේ දී පැටවූ මෙම අම්ල බහාලුම් ගොඩ බාන්නට නියමිතව තිබුණේ කොළඹ වරායේ. මෙම ප්‍රතිෂේප කිරීම් හේතුවෙන් නැවට කොළඹටම එන්නට සිදුවුණා.


මේ වනවිට ගිනි ගනිමින් විනාශ වෙමින් පවතින එකස්ප්‍රස් පර්ල් නෞකාව කන්ටේනර් 2700ක ධාරිතාවකින් යුතු 2021 වසරේ නිෂපාදිත අලුත්ම අලුත් වෞකාවකි.චීනයේ නිෂ්පාදිත මෙම නෞකාව දියත් වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදීය. එහි ගින්න හට ගන්නා අවස්ථාවේදී බහාලුම් 1486ක් තිබුණු බව සමාගම සඳහන් කරයි.
කෙසේ වුවද මෙම නෞකාව අදාළ අනතුර සහ අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ශ්‍රි ලංකාවෙ වරාය අධිකාරියට දැනුම් දුන්නේද නැද්ද යන්න පිළිබඳව දැන ගන්නට නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෞකා විශේෂඥයන් සඳහන් කරන්නේ මෙම නෞකාවේ භාණ්ඩ අවදානම් සහගත භාණ්ඩ ලෙසින් නම් කොට තිබූ අතර එම භාණ්ඩ ඇසිරීමේදී අදාළ බහලුම් ඇසිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර ගණනාවක් පවතින බවයි. විශේෂයෙන් හදිසි ගිනි අවස්ථාවලදී මෙම බහලුම්වල ගින්නක් ඇති වුවහොත් එය නිවීමට කාර්ය මණ්ඩලයට ඊට ළඟා වීම පහසු බවත් මේ වනවිට මෙය නාවික කර්මාන්තයට විශාල අවදානමක් නිර්මාණය වී ඇති බවත්ය. ජාත්‍යන්තර නෞකා රක්ෂණ සමාගමක් වන ගාඩ් සමාගම පවසන්නේ නෞකා ගිනිවල ප්‍රවණතාවක් මේ වනවිට සමාගම නිරීක්ෂණය කර ඇති බවය. එම සමාගමට අනුව සාමාන්‍යයෙන් සෑම සති දෙකකටම වරක් ලෝකයේ කොහේ හෝ මෙවැනි ගිනි අනතුරක් වාර්තා වෙයි.

Exit mobile version