ගැඹුරු මුහුදේ දි අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හිමිකාරිත්වය ගැන 04 දෙනෙක් පිළිබඳ සැකයි… විමර්ශන අංශ කියයි!

මත් කුඩු ප්‍රවාහනය කළ බහු දින යාත්‍රාව...

පසුගිය 15 වැනිදා ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය තොගයේ හිමිකාරිත්වය පිළිබඳ  පුද්ගලයින් සිව් දෙනෙක් පිළිබද අවධානය යොමු වී ඇතත් ඒ පිළිබද ගැටලුව තවමත් විසඳී නැතැයි විමර්ශන අංශ පවසයි.

දැනට මේ සම්බන්ධව සැකයට ලක් වී ඇත්තේ බටුවත්තේ චාමර, මාකිලංගමුවේ සංජීව සහ විදුර   සහ   හිටපු එල්.ටී.ටී.ඊ සාමජිකයෙක් වූ රූබන් නැමැත්තා පිිළිබඳව  බව  විමර්ශන ආරංචි මාර්ග කියයි.

මෙම අපරාධකරුවන් සිවු දෙනා ජීවත් වෙමින් ඇත්තේ රටවල් හතරකය.  බටුවත්තේ චාමර ඩුබායිවලත්, මාකිලංගමුවේ සංජීව ඉන්දියවේත්, විදුර ඉතාලියේත් සිටිනබවට තොරතුරු ඇති අතර රූබන් ප්‍රංශය සහ එංගලන්තයේ විටින් විට ජීවත් වන අයෙක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් බටුවත්තේ සංජීව මෑත කාලයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ක්‍රියාකාරීව නොසිටි බැවින් වැඩි සැකයක් යොමු වී ඇත්තේ අනෙක් අපරාධකරුවන් තිදෙනා සම්බන්ධව බවට විමර්ශන ආංචි මාර්ග හෙළි කරයි.


ඉන්දීයානු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දුන් තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා මෙම මත්ද්‍රව්‍ය තොගය පකිස්ථානයේ  සිට ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය  මගහැර ශ්‍රී ලංකාව  දෙසට  ගමන් කර  ජාත්‍යාන්තර මුහුදේ දී වෙනත් යාත්‍රාවක් වෙත පටවා තිබිණි.

සලීන් 2 බහුදින යාත්‍රාව කොටු කරගන්නේ ඒ සම්බන්ධව කළ දැඩි විමර්ශනයකින් අනතුරුවය. මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහන වගකීම භාරගෙන ඇත්තේ කැවුමා සහ රන්කැටියා නමින් හඳුනා ගන්නා චරිත දෙකකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකාරිත්වය සොයා ගැනීම පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු දියත් වි ඇති බව විමර්ශන අංශ පවසයි.

Exit mobile version