ගාල්ල පී.එච්.අයි මහත්තුරු වැඩ වරති…

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්   අද (12) උදැසන සිට  කොව්ඩ් මරණ ආදාහනය කිරිමේ රාජකාරිකටයුතුවලින් හැර අනිකුත් සියලුම රාජකාරි කටයුතුවලින්  ඉවත්ව එක්දින සංකෙත වැඩ වර්ජනයක් ආරම්භකොට ඇති බැව්  ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සභාපති පුලනි රණසිංහ පවසයි.

ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉන් ඉවත්කොට වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ගෙන ඇති තිරණය සම්බන්ධව සාකච්ඡා කිරිම සඳහා අවස්ථාවක් ලබා නොදීම  නිසා මෙම තිරණය ගත්බවද පුලනි රණසිංහ කියයි.  මෙකි වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා අද දින ලැබෙන ප්‍රතිචාර මත දකුණු පළාත් මට්ටමින් හා ලංකාව පුරාම  ක්‍රියාත්මක කිරිමට තීරණය කොට ඇති බවද ඔහු පවසයි.

“ ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ගෙන ඇති තිරණය සම්බන්ධව කතා කරන්න සාකච්ඡා  ඉල්ලා තියෙනවා. සෞඛ්‍ය ලේකම්තුමාගෙන් ආණ්ඩුකාරතුමිගෙන් සාකච්ඡා ඉල්ලුවා. අවසන් වරට ශ්‍රි ලංකා මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන්ගේ මව් සංගමය විසින් අප්‍රේල් මස 30 වැනි දින සාකච්ඡාවක් ඉල්ලුවා.  නමුත් මේවනතෙක් අපිට සාකච්ඡාවක් ලබාදුන්නේ නැහැ.  


අපි සාකච්ඡා ඉලන්නේ අපි රාජකාරි කරන්නේ කොහාමද කියලා සුදානම් කරගන්න. නගරසභාවෙන් අපිව ඉවත් කළහොත් අපේ රාජකාරි සියයට අසුවක් අපිට කරන්න බැරිවෙනවා. ඒ රාජකාරි කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කළයුතු වෙනවා.  මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  අලුතෙන් පිහිටුවා ඇති ස්ථානය වෙත  යොමුකළහොත්  අපි ලොකු  අපහසුතාවයකට පත්වෙනවා. ගාල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මේ  මොහොතෙත් කොවිඩ් රෝගින්  බලනවා. ඒ රාජකාරි කටයුතු කරණවා.  නමුත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට කොවඩ් මර්ධන එන්නතේ දෙවැනි මාත්‍රාව විදින්නේ නැහැ.  එම එන්නත් වෛද්‍යවරයා විසින් දැනට සති දෙකක කාලයක සිට ශීතකරණයේ දමාගෙන ඉන්නවා.  පළමු මාත්‍රාව විදලා දැන් මාස් තුනක් වෙනවා. නගර සභාවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල 40ක් විතර එම ඉන්නත විදින්න ඕන. නමුත්  නගරසභාවෙන් ඉවත්වෙලා ආවේ නැත්නම් එන්නත විදින්නේම නැහැ කියලා තර්ජනය කරණවා. 

මෙම ගැටලු  සාකච්ඡා කරලා විසඳගන්න ඕන. සාකච්ඡාව නොදෙන නිසා තමයි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න තීන්දු කළේ. සංකෙත වර්ජනයක් තමයි කරන්නේ. මේ සඳහා ලැබෙන ප්‍රතිචාර මත දකුණු පළාත තුළ හා ලංකාව පුර මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා“ ඔහු වැඩිදුරටත් සදහන් කළේය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version