ගාල්ල අවදානමක… දැනට පවුල් 3000ක් විපතට පත් වෙලා…

ලලිත්  චාමින්ද –

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13කට අයත් පවුල්1228ක පුද්ගලයින් 4336 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ග්‍රාම නිලධාරිවසම් 87කට මෙකි ආපදා තත්වය  බලපා තිබේ. ආපදා තත්වය හේතුවෙන් එක් අයෙකු දියේ ගිලිමෙන් මියගොස් ඇත. එක් අයෙකු තුවාල ලබා ඇති අතර  ආර්ධ වශයෙන් නිවාස 91කට  සහ  කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ස්ථාන  08කට හානිවි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවලම, නෙළුව, නාගොඩ, යක්කලමුල්ල, කඩවත්සතර, නියාගම, හබරාදුව, ඇල්පිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, ඉමදුව, බෝපේ පොද්දල, අක්මිමන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට ආපදා තත්වය බලපාතිබේ. නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  පවුල් 325කට අයත් පුද්ගලයින් 1213 දෙනෙකු විපතට පත්ව ඇති අතර ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  පවුල් 500කට අයත් පුද්ගලයින් 1870 දෙනෙකු විපතට පත්ව ඇත.  විපතට පත්වුවන් සදහා අවශ්‍යතාවය මත පිසු හා වියලි ආහාර  ලබාදිමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 


Exit mobile version