ගාල්ලේ සෞඛ්‍ය සේවකයින්ට යැවූ එන්නත් විකිණූ බව දන්නෙ නෑ… පරීක්ෂණයක් තියනවා… හේමන්ත හේරත්…

Covishild

ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයින්ට දෙවන මාත්‍රාව සදහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් යවන ලද ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින්ට ලබා දීමේ සිද්ධිය පිලිබඳව විමර්ශනයක් පවත්වන බවත් එම විමර්ශනය අවසන් වන තෙක් කිසිවක් කීමට නොහැකි බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශය සමග නිරන්තරයෙන්ම සම්න්ධවෙමින් උපදෙස් ලබා ගනිමින් අදහස් හුවමාරු කර ගන්නා බවත් වෛද්‍ය හේරත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (9) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
ඔහුගේ අනාවරණයත් සමග මාධ්‍යවේදියෙකු ඇසුවේ ගාල්ල ප්‍රදේශයේ සිදුවී එන්නත්කරණ වැඩ පිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ අනුදැනුමකින් තොරව සිදුවූවක්ද යන්නය.

එහිදී විශේෂඥවරයා සදහන් කළේ එය සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය යටතේ සිදුවූවක් බවත් ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත යැවීම සිදුකර ඇති බවත්ය.


මාධ්‍යවේදයාගේ ඊළග පැනය වූයේ සෞඛ්‍ය සේවකයින් සඳහා යැවූ එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින්ට ලබා දි ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම මතද බවට යන්නය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීයා තව දුරටත් ප්‍රශ්නකර සිටියේ මෙතැනදී එන්නත් මුදලට විකිණීමේ මාෆියාවක් සිදුව ඇති බවත් එය පිටුපස සෞඛ්‍ය බලධාරීන්ද සිටිනවා නේද? යන්නය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවිට විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේ එවැන්නක් පිලිබඳව සිතීමට මාධ්‍යවේදියෙකු ලෙස ඔබට අයිතියක් තිබෙන බවත් මේ පිලිබඳව තමාට නිවැරදිව කිව හැක්කේ නිසි විමර්ශනයකින් පසුව බවත්ය. කෙසේ නමුත් මේ වන විට විමර්ශනය සිදුකරමින් පවතින බවත් ඒ පිලිබදව ඉදිරියේදී නිවැරදි ප්‍රකාශයක් කීමට හැකියාව පවතින බවත්ය.


Exit mobile version