ගාල්ලේ පමණක් ආසාදිතයන් 114ක් නිවෙස් තුළ… ආසාදිතයන් 226ක් අර්බුදයක…

ලලිත් චාමින්ද –

කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා   ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 226 දෙනෙක් අර්බුදයකට ලක් වී සිටිති .

සෞඛ්‍ය අංශ පවසන්නේ රෝගින්ගෙන් 114 දෙනෙකු නිවෙස්වල සිටින බවය.  තවත් රෝගින් 47 දෙනෙකු  මුලික රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටියදී ආසාදිත බවට තහවුරු වූවන් බවත් ඔවුන් නිසා මුළු රෝහලම යළිත් කොවිඩ් අවදානමකට ලක් වී ඇති බවත්ය.  මෙ

කොරෝනා  රෝග ලක්ෂණ නිසා   රෝහල්ගත කිරිමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු  රෝගින් 20 දෙනෙක් කරාපිටිය රෝහලේ සිටින අතර එම රෝගින් අතර දරුවන් 06 දෙනෙක්, පිරිමි 07 දෙනෙක් හා කාන්තාවන් 07 දෙනෙක් වෙති. මිට  අමතරව බලපිටිය රෝහලේ රෝගින් 05 දෙනෙ‍ෙ, උඩුගම රෝහලේ රෝගින් 04 දෙනෙක්, ඇල්පිටිය රෝහලේ රෝගින් 03 දෙනෙක්, මහමෝදර රෝහලේ රොගින් 05 දෙනෙක්, පුද්ගලික රෝහලක රෝගින් 03 දෙනෙක්, කොග්ගල ලොන්බ්ච් හෝටලයේ  රෝගින් 05 දෙනෙක්, සිටින බවද  සෞඛ්‍ය අංශ පවසයි.


මේ අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 35ක් රත්ගම 09ක්, හබරාදුව 36ක්, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 08ක්, හික්කඩුවෙන් 04ක්, වැලිවිටියෙන් 02ක්, කරන්දෙණිය 04ක්, බෝපේ පොද්දලින් 08ක්, ඉමදුව 13ක්, අක්මිමන 01ක්, උඩුගම රෝගින් 02ක්, බලපිටිය රෝගින් 03ක්, ඇල්පිටියෙන් 01ක්  වශයෙන්  රෝගින් 114 දෙනෙකු කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකිව නිවෙස්වල සිටින බවද සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිළිබද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 08ක ඇදන් 1400ක් තියෙනවා. එම ඇඳන් කොරෝනා රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානලට  රෝගීන් රැගෙන එනවා. එම නිසා යම් රෝගින් සංඛ්‍යාවක්  කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකිවි තියෙනවා. ඇඳන් හිස්වන වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුළත්  කිරිමට හැකිවන්නේ. “ යැයි ඔහු කීවේය. 

Exit mobile version