ග්‍රීසියේ ඇතෑන්ස් නුවර කොරෝනා එන්නත්වලට එරෙහිව විරෝධතා

කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට විරෝධය පළකරන පන්දහසකට අධික පිරිසක් ග්‍රීසියේ ඇතෑන්ස් නුවර එක්රැස්විය.

විරෝධාතායට එක්වූවන් රජය විසින් බලහත්කාරයෙන් කොරෝනා මර්ධන එනන්නත් ලබාදීමට සූදානම්වන බවට චෝදනා කරමින් සටන් පාඨ ඉදරිපත් කෙරිණි.

විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට පැමිණ ග්‍රීසියේ ජාතික ධජය ප්‍රදර්ශනය කළ අතර එරට අග්‍රාමාත්‍ය ක්‍රියකොස් මිට්සොටාකිස් හට ඉල්ලා අස්වන ලෙසටද ඉල්ලා සිටිනු ලැබිණි.


ග්‍රීසිය විසින් එරට වෙසෙන අවුරුදු පහලොවට ඉහළ සියලුමදෙනාට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට තීරණය කරනු ලැබූ අතර සෞඛ්‍ය සේවකයින්ට එන්නත ලබාගැනීමට අනිවර්ය කෙරිනි.

මේවන විට ග්‍රීසියේ ජනගහනයෙන් සියයට හතලිස් එකක් පමණ සම්පූර්ණයෙන්ම එනන්ත කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඉකුත් මාසයේදී ග්‍රීසිය විසින් කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ග්‍රීසියේ තරුණ ප්‍රජාවට යුරෝ 150ක මුදලක් ලබාදීමටත් මාසයක කාලයකට ජංගම දුරකථන වලට නොමිලේ අන්තර්ජාල සේවා ලබාදීමට තීරණය කරනු ලැබිණි.

Exit mobile version