දිනසේන රතුගමගේ –
පසුගිය සතියේ දීත් මිනිස් ඝාතනයක් කළ මුලතිව් කුලමුරිප්පු ප්රදේශයේ සැරි සරන ප්රචණ්ඩ වන අලියා ඊයේ ( 30 ) තවත් පුද්ගලයෙක් පහර දී මරා දමා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එස්.තිරුවනාව්කරුසු නැමැති 69 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පා පැදියකින් ගමන් කරමින් සිටියදී මහා මාර්ගයට පැමිණ සිටි වන අලියා ඔහුට ඔහුට පහර දී මරා දමා ඇත.
වන අලියා පහර දෙන අවස්ථාවේදී එම පුද්ගලයාගේ කෑකෝ ගැසීම ඇසී ගම්වාසීන් එම ස්ථානයට ගොස් වන අලියා පලවාහැර මෙම පුද්ගලයාව මුලතිව් ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු රෝහල් ගත කරණ විටත් මියගොස් සිට ඇත.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලීසිය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.
පසුගිය සතියේද මෙම වන අලියා පහර දීම නිසා ධීවරයෙක් මිය ගියේය.







