ගම්මන්පිලගේ ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබීම…

ත්‍රී කුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමග ගිවිසුමගත වීම අද (06) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුවිනි.

ගිවිසුම සඳහා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල, ලංකා ඛණිජතෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ,  ලංකා ඛනිජතෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා, අයිඕසී සමාගම වෙනුවෙන් එම සමාගමෙ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා, මෙම ගිවිසුම්වලට අත්සන් තැබූහ.

ඒ අනුව  ත්‍රීකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන්වන 2003 බදු ගිවිසුම අහෝසි  වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයක් සඳහා ආයතන තුනක් වෙත හිමිවන බව බලශක්ති අමාත්‍යාංශ කියන්නේය. ඒ  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ටැංකි 24ක්, ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක්, අයිඕසී සමාගමට   ටැංකි 14ක් වශයෙනි.


ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ඛණිජතෙල් සංස්ථාවට සියයට 51ක කොටස් හිමිවන සමාගමක් බැවින් තෙල් ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතුවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව බලශක්ති ආමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය.

 

 

Exit mobile version