ගත වූ සතිය තුළ ජාවාරම් කරුවන්ගේ   සීනි ගබඩා 3ක් වී ගබඩා  52ක් සීල් තබයි…

ගතවු සතිය තුළ කූඨ ජාවාරම්කරුවන් විසින් පවත්වාගෙන ගිය වී ගබඩා 52ක් සහ සීනි ගබඩා 03ක්  මුද්‍රා තැබූ බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

එම පුද්ගලයන්ට එරෙහිව මේ සතියේ අධිකරණමය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශය සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

උතුරුමැද හා නැගෙනහිර පළාත්වලට අයත් වී ගබඩා 52 තුළ වී අතරමැදි තොග රැස් කරන්නන් විසින් වී මෙට්‍රික් ටොන් 8000ක්  ගබඩා කර තිබී ඇත.


එමෙන්ම ගත වූ දෙදින තුළ ගම්පහ සහ සීදුව ප්‍රදේශයේ මුද්‍රා තැබූ සීනි ගබඩාවල සීනි මෙට්‍රික් ටොන් 5400ක් ගබඩා කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාරිභෝගික කටයුතු පිළිබඳ පනතට අනුව මෙම ලියාපදිංචි නොකළ ගබඩා හිමියන්ට  රුපියල් දහසේ  සිට ලක්ෂය දක්වාත්, සමාගමක් නම් දස දහසේ සිට ලක්ෂය දක්වාත් දඩයකට යටත් කර මාස 06ක සිර දඬුවමක් ලබා දිය හැකිය.

Exit mobile version